May 01, 2024

කොරෝනා පාලනය කරන්න බැරි රටවල් 10ක් නිසා - WHO වෙතින් චෝදනාවක්

ලෝකය තුළ දැනට නිර්මාණය වූ කොරෝනා එන්නත් නිෂ්පාදනයෙන් 75%ක ප්‍රමාණයක් රටවල් 10ක් පමණක් භාවිත කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් චෝදනා කර තිබේ.

මෙවැනි නින්දිත යුක්ති සහගත ක්‍රියාවන් හේතුවෙන් වසංගතය සදාකාලිකව වූවත් පැවැතිය හැකි බවද ලෝක සෞඛ්‍ය සංවිධානය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා විසින් පවසා තිබේ. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 අමතමින් ඔහු විසින් මෙම චෝදනාව එල්ල කර තිබූණි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විසින් ගෝලීය කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා කරගෙන යනු ලබන එන්නත්කරණ වැඩසටහන වන COVAX සඳහා එන්නත් ලබාදීමට සියලු රජයන්ට කටයුතු කරන්නැයිද එහිදී ඉල්ලීමක්ද කළේය.

අධ්‍යක්ෂක ජෙනරාල්වරයා දිගින් දිගිටම එන්නත්කරණයේ එකාධිකාරියක් පවත්වාගෙන නොයන ලෙසද ඉල්ලීම් කර තිබුණි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 May 2021 17:35