May 01, 2024

චීනයේ තවත් එන්නතක් සඳහා WHO අනුමැතිය හිමිවෙයි

චීනය විසින් නිෂ්පාදනය කළ සිනොවැක් එන්නත සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ මණ්ඩලය විසින් වසංගත මර්දනය සඳහා වෛද්‍ය භාවිතයට ගැනීමට අනුමැතිය ලබාදී තිබේ.

පසුගියදා චීනය විසින් නිෂ්පාදිත සිනෝෆාම් එන්නත සඳහා ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමැතිය ලබාදුන් අතර එය ලෝක වසංගත තත්ත්වයක් මර්දනය කිරීම සඳහා චීන ඖෂධයකට ලබාදුන් පළමු අවසරය ලෙස ඉතිහාසයට එක්විය.

මෙලෙස අවසර ලබාදුන් දෙවන එන්නතේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව සහ නිෂ්පාදනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බවද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිවේදනය කර තිබේ.ෙ

මෙම එන්නත ලෝකයේ දෙවැනියට වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වන බ්‍රසීලයේ එක් නගරයක් කේන්ද්‍ර ගත කරගනිමින් අත්හදා බලා ඇති අතර එහිදී කෝවිඩ් මරණ අනුපාතය 95%කින් පහත වැටී ඇති බව වාර්තා වෙයි. එම නගරයේ පුද්ගලිය්න 45,000ක පමණ ප්‍රමාණයක් සිටින බවත් ඉන් 75%ක් පමණ කොරෝනා රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත වීම් අවම වී ඇති බවද වාර්තා වෙයි.

Rate this item
(0 votes)