May 01, 2024

කොරෝනාවට වඩා දරුණු වෛරසයක් ගැන WHO ලෝකයාටම අනතුරු අඟවයි

කොරෝනා වසංගතයට වඩා සම්ප්‍රේෂණ හැකියාවෙන් හා මාරාන්තික බවින් ඉහළ වෛරසයක් ලෝකයේ ඊළඟ වසංගතයට තුඩුදෙනු ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂකවරයා පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ පරිණාමීය නිශ්චිතතාව ගැන සඳහන් කරමිනි.

එහිදී අධ්‍යක්ෂකවරයා විසින් සඳහන් කර සිටියේ කිසිදු ආකාරයක වැරැද්දක් වීමට ඉඩ නොදෙන ලෙසයි. එමෙන්ම ලෝකය වසංගතයක් සඳහා මුහුණ දෙන අවස්ථාව මෙය නොවනු ඇති බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම ඔහු විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙය වඩා සම්ප්‍රේෂණය කළ හැකි හා මාරාන්තික විය හැකි තවත් වෛරසයක් ඇති බව පරිණාමීය සහතිකයක් ඉදිරිපත්ව ඇති බවයි.ෙ

ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් සඳහන් කර සිටියේ ලෝකයේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය සහ මරණ අනුපාතය සති 03ක කාලයක් තිස්සේ පහත වැටෙමින් ඇති බවයි‍ෙ

ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 සෞඛ්‍ය අමාත්‍යවරුන් අමතමින් කළ සාච්ඡාවකදීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 25 May 2021 10:41