April 19, 2024

විශේෂඥයින්ගේ කනස්සල්ල මැද WHO අවසර දුන් චීනයේ පළමු එන්නත "Sinopharm"

ඊයේ (07) දිනයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් Covax වැඩසටහන යටතේ කොරෝනා වසංගත පාලනයට හදිසි භාවිත කිරීම් සඳහා චීනයේ සීනෝෆාම් එන්නත හට අවසර ලබා දී තිබුණි.

ලෝක වසංගත තත්ත්වයක් යටතේ හදිසි භාවිතය සඳහා චීන එන්නතක් වෙත අවසර ලබාදුන් පළමු අවස්ථාව මෙය බවටද වාර්තා වෙයි.

මෙම අවසර ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සයිනෝෆාම් සමාගම විසින් ඉදිරිපත් කර තිබූ එන්නතේ අතුරු ආබාධ සහ අනිකුත් පරික්ෂණ වාර්තා පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් විසින් මුල් අවස්ථාවේ සිය කනස්සල්ලය පළ කර තිබූ බවට රොයිටර් පුවත් සේවය වාර්තා කරයි‍.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජෙනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් විසින් අදහස් පළ කරමින් සඳහන් කර සිටියේ මෙම එන්නතට අවසර ලබාදීම හරහා COVAX පහසුකම යටතේ ලෝකයේ රටවලට තෝරාගත හැකි එන්නත් ලැයිස්තුව පුළුල් වී ඇති බවයි. ඒ අනුව ඕනෑම රටකටම එම රටේ සෞඛ්‍ය නීතිමය පසුබිම යටතේ එන්නත් තෝරා ගැනීමට හැකිවනු ඇති බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැවසීය

සීනෝෆාම් එන්නත නිෂ්පාදනය කළ සමාගම විසින් මෙම අවසර ලබාදීම සම්බන්ධව අදහස් ප්‍රකාශ කරමින් පවසා සිටියේ සීනෝෆාර්ම් සීඑන්බීජී කොවිඩ්-19  එන්නතෙහි ගුණාත්මකභාවය, ආරක්ෂාව, කාර්යක්ෂමතාවය සහ ප්‍රවේශ්‍යතාවය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුකූල වන බව ප්‍රකාශ කිරීමත් සමඟ චීනයට ගෝලීය කොරෝනා වසංගත පාලනය කිරීමේ සටනට වැඩි බලයක් යොදා සහය දීමට හැකිවනු ඇති බවයි.

මෙම සීනෝෆාම් එන්නත ගබඩා කිරීම අනිකුත් එන්නත්වලට වඩා පහසු වන බවට සඳහන් වන අතර මෙය සෙල්සියස් අංශක 02ක සිට 08 දක්වා උෂ්ණත්වයක තැබිය හැකිය. මාත්‍රා 02කින් යුක්ත වෙන මෙම එන්නතෙහි කොරෝනා වෛරසයට එරෙහි කාර්යක්ෂමතාවය 79%ක් බව එය යොදා කරන ලද පරික්ෂණවලින් තහවුරු වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 08 May 2021 11:01