May 07, 2024

කොවිඩ් එන්නත කුඩා දරුවන්ටත් දෙන්නට යයි

කොවිඩ් 19 වෛරසයට එරෙහිව මෙතෙක් නිෂ්පාදනය කර ඇති ප්‍රමුඛතම එන්තතක්වන "ෆයිසර් - බයෝ එන් ටෙක්" (Pfizer-BioNTech) එන්නත කුඩා දරුවන් හට ද ලබා දීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද බලධාරීන් මීට පෙර එම එන්නත ලබා දීමට අවසර දී තිබූ අවම වයස වූයේ අවුරුදු 16 යි.

කෙසේ වෙතත් ෆයිසර් - බයෝ එන් ටෙක් එන්නත වයස අවුරුදු 12 සිට ලබා දීමට ඇමරිකා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලන ආයතනය (FDA) විසින් ඊයේ (10) අවසර දෙනු ලැබුවා.

FDA ආයතනයේ වැඩ බලන ප්‍රධානී වෛද්‍ය ජැනට් වුඩ්කොක් ප්‍රකාශ කරන්නේ වයස අවුරුදු 12 සිට 15 දක්වා දරුවන්ව එන්නත් කරනය කිරීම හරහා මෙම ගෝලීය වසංගත තත්ත්වය නිමා කරගැනීමට මහත් පිටුවහලක් ලැබෙනු ඇති බවයි.

ෆයිසර් - බයෝ එන් ටෙක් එන්නත කොවිඩ් 19 වෛරසයට එරෙහිව 100%ක් ක්‍රියා කරන බව එම සමාගම පවසනවා.

පුද්ගලයින් 2000ක් යොදා ගනිමින් සිදු කළ පර්යේෂණයක දී එය ඔප්පු වූ බව ඔවුන් සඳහන් කරනවා.

එමෙන්ම මෙතෙක් නිල වශයෙන් අවසර දී නැතත් වයස අවුරුදු 9ක දරුවන් පවා යොදා ගනිමින් ෆයිසර් සමාගම සිය එන්නත අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

මේ අතර ෆයිසර් සමාගමෙහි ප්‍රධානී ඕගර් ශහීන් පවසන්නේ පාසල් යාමත්, මිතුරු මිතුරියන් ඇසුරු කිරීමත් ආදිය දරුවන්ගේ මානසික වර්ධනයට තීරණාත්මක සාධකවන බවයි.

එම නිසා ඔවුන්ව එන්නත්කරණය මගින් මෙම වසංගත සමයේ වුව ද සාමාන්‍ය දිවි පෙවෙතක් වෙත දරුවන්ව ලඟා කරවීමට හැකිවනු ඇති බවට ඔහු සඳහන් කරනවා.

දරුවන් හට ද එන්නත් ලබා දීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කෙරුණත් ලොව බොහෝ රටවල් මේවන විටත් එන්නත් ලබා දෙන්නේ වැඩිහිටි ප්‍රජාවට පමණයි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 11 May 2021 06:33