May 07, 2024

ඇමෙරිකාව ඉන්දියාවට හුස්ම දෙන්න සුදානම් වෙයි - මිලියන ගණනක වෛද්‍ය පහසුකම් ඉන්දියාවට පිටත් කර හරී

ඇමෙරිකා එක්සත් ජනපදය විසින් කොරෝනා වසංගත තත්ත්වය නිසා අසරණව සිටින ඉන්දියාව වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් වටිනා වෛද්‍ය පහසුකම් තොගයක් පිටත් කර යවා ඇති බව ඇමෙරිකානු ආරක්ෂ ලේකම් ලොයිඩ් ජේ.ජස්ටින් විසින් ට්විටර් පණිවිඩයක් හරහා ප්‍රකාශ කර තිබේ.

මෙම භාණ්ඩ එළැඹෙන සතියේ ඉන්දියාව වෙත ලැබීමට නියමිත අතර එහි ඔස්සිජන් ටැංකි 1000ක්, KN95 වර්ගයේ මුහුණු ආවරණ මිලියන 15ක්, කොරෝනා පරික්ෂාවට යොදාගන්නා කට්ටල මිලියනයක් අඩංගු වෙයි.

එමෙන්ම ඇස්ට්‍රෙසෙනෙකා එන්නත සෑදීමට අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය ද ඇමෙරිකාව විසින් ඉන්දීයාව වෙත ලබා දීමට අපේක්ෂා කරමින් සිටින බවත් එයින් එන්නත් මාත්‍රා මිලියන 20ක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බවත් සඳහන් වෙයි.

වසංගතයේ මුල් අවධියේදී සිය රටේ රෝහල් දැඩි පීඩාවට පත්වූ විට ඉන්දියාව එක්සත් ජනපදයට ආධාර යැවූවා සේම, අවශ්‍ය වේලාවට ඉන්දියාවට උපකාර කිරීමට එක්සත් ජනපදය අධිෂ්ඨානයෙන් සිටින බවට ධවල මන්දිරය විසින් මෙහිදී ප්‍රකාශයක් ද සිදුකර තිබේ.

Rate this item
(0 votes)