April 26, 2024

ප්‍රංශ අගමැතිට විරෝධය පාමින් ප්‍රසිද්ධ නිළියක් සම්මාන රාත්‍රීයේ දී නිරුවත් වෙයි (VIDEO)

ප්‍රංශයේ පැවැත්වෙන දැවැන්තම කලා සම්මාන උළෙල වන ‘Cesar Awards’ සම්මාන රාත්‍රීයේ දී එරට සුප්‍රසිද්ධ නිළියක වන කොරින් මසීරෝ විසින් දැවැන්ත වේදිකාව මතදී සිය ගණනක් ඉදිරිපිට නිරුවත් විරෝධයක් එල්ල කර තිබේ.

ඇය මෙම විරෝධය එල්ල කර තිබුණේ ප්‍රංශ අග්‍රාමාත්‍යවරයා වන ජීන් කැස්ටෙක්ස් හටයි.

කොරෝනා වෛරසය නිසා ප්‍රංශයේ කලා කටයුතු මෙන්ම සිනමා කර්මාන්තය සහ සංස්කෘතික කටයුතු වසා දමා මාස 03ක කාලයක් ගතව ඇතත් ඒවා නැවත විවෘත කිරීමට හෝ ඒවා නැවත ඇරඹීම සඳහා පියවරක් නොගැනීමට එරෙහිව මෙලෙස 57 හැවිරිදි නිළිය විසින් සිය විරෝධය එල්ල කර තිබේ.

මෙම සීසර් සම්මාන රාත්‍රීය සඳහා කොරින් මසීරෝ හට ආරාධනා ලැබී තිබුණු අතර ඇය විසින් ලේ වැගිරුනු බුරුවෙකු ලෙස ඇඳපැළඳ ගෙන සම්මාන රාත්‍රීයේ වේදිකාව මතට පැමිණියාය.

එහිදී නිවේදිකාව සමඟ කතාබහක් ඇරඹි ඇය ප්‍රංශ රජයේ ක්‍රියා කලාපයන්ට විරුද්ධත්වය පළ කරමින් සිය ඇඳුම් ගලවා දමා නිරුවත් විය.

එහිදී ඇයගේ පපු ප්‍රදේශයේ වැකියක් ලියා තිබුණු අතර එහි ලියා තිබුණේ සංස්කෘතියක් නැත්නම් අනාගතයක් නොමැති බවයි.

එමෙන්ම ඇයගේ පිට ප්‍රදේශයේ ද වැකියක් ලියා තිබුණු අතර එයින් ප්‍රංශ අග්‍රාමාත්‍යවරයාට ආයාචනයක් ඇතුළත් විය. එහි සඳහන්ව තිබුණේ “ජීන්, අපට කලාව ආපසු ලබා දෙන්න” යනුවෙනි.

මෙම අවස්ථාවට අති විශාල කලාකරුවන් පිරිසක් පැමිණ සිටි අතර ඔවුන් සිනාසෙන අයුරුද අත්පුඩි ගසමින් ඇයගේ ක්‍රියාව අගයන ආකාරයද දැකගැනීමට හැකිවිය.

එම අවස්ථාවේ සංස්කරණය කරන ලද වීඩියෝ දර්ශනය පහතින්,

Rate this item
(0 votes)