April 20, 2024

වයස අවුරුදු 116 දී කොරෝනා පැරදූ පූජකතුමිය

February 10, 2021

වයස අවුරුදු 116ක් වන ප්‍රංශ පූජකවරියක් විසින් කොරෝනා වෛරසය පරදා සුවය ලැබීමට සමත්ව තිබේ.  

මෙලෙස කොරෝනා වෛරසයට එරෙහිව සුවය ලබා තිබුණේ ප්‍රංශයේ සිටින ඇන්ඩ්‍රේ නම් කන්‍යා සොහොයුරිය විසිනි. ඇය ලෝකයේ දෙවැනියට වයස්ගතම පුද්ගලයා ලෙසෙද සලකනු ලබයි.ො

පසුගිය ජනවාරි මාසේ මැද භාගයේ දී ඇය කොරෝනා වෛරසයට ගොදුරුව සිටි බවට ප්‍රංශ මාධ්‍ය වාර්තා කර තිබුණු අතර පසුව ඇයට සති 03කට පසුව රෝගයෙන් සුවය ලබා තිබුණි.ෙ

ප්‍රංශ පුවත්පතක් වන වර්-මාටින් වෙත අදහස් දක්වමින් ඇය කියා තිබුණේ තමන්ට කොරෝනා වෛරසය වැළැඳුනු බවවත් තමන් නොදැන සිටි බවයි.

Rate this item
(0 votes)