April 19, 2024

ප්‍රංශය මහා විනාශයක් අභියස! ඉහළ පෙළේ හමුදා නිලධාරීන්ගෙන් ජනපතිට අති විශේෂ ලියුමක්

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන් හට එරට ඉහළ පෙළේ හමුදා නිලධාරීන්, හිටපු හමුදා නිලධාරීන් ඇතුළු යුද සෙබළු පිරිසක් විසින් නිර්නාමිකව විශේෂ ලියුමක් ලබාදී තිබේ.

මෙම ලියුම හරහා ජනාධිපතිවරයා වෙත ඔවුන් අවධාරණය කර තිබුණේ ඉස්ලාම් අන්තවාදය සඳහා ප්‍රංශය තුළ ලබාදුන් සහනය හේතුවෙන් ප්‍රංශය සිවිල් යුද්ධයක් කරා යමින් සිටින බවයි. එමෙන්ම එම සිදුවීම ජනාධිපතිවරයා විසින් හොඳින්ම දැනගෙන ඉන්නා බවද ඔවුන් එම ලිපිය හරහා පවසා තිබේ.

මෙම හමුදා නිලධාරීන් විසින් මීට පෙරද මෙවන් ලියුමක් ලබාදී තිබුණු අතර එම ලිපියට වඩා මෙවර යවා තිබූ ලිපියෙන් ජනපතිට දැඩි අනතුරු ඇඟවීමක් සිදුකර ඇති අතර එම ලිපිය පුවත්පත් හරහා ප්‍රසිද්ධ කර තිබේ.

ප්‍රංශ හමුදාවන් විසින් ඇෆ්ගනිස්ථානය, මාලි රාජ්‍ය, අප්‍රිකානු කලාපය සහ ලෝකයේ බොහෝ රටවල ඉස්ලාම් අන්තවාදයට එරෙහිව යුධ වදිමින් ලේ වගිරන මොහොතක ප්‍රංශය තුළ පමණක් ඉස්ලාම් අන්තවාදයට සහන සලසා ඇති බවට එම ලිපිය තුළින් ජනාධිපතිවරයාට චෝදනා එල්ල කර තිබේ.

එමෙන්ම මෙම අන්තවාදී ප්‍රජාවන් ප්‍රංශයේ වෙන වෙනම ස්ථානයන් පවා ඇති කරගෙන ඇති බවද ඒවායේ විවිධ කටයුතු කරමින් සිටින බවද ඔවුන් ජනාධිපතිවරයාට අවධාරණය කර තිබේ. 

මෙවන් කටයුතු හේතුවෙන් ඉතිහාසය සිදු වූ ආකාරයේ සිවිල් යුද්ධයක් වෙත ප්‍රංශය නැවත ගමන් කරමින් සිටින බවටද නිර්නාමික පිරිස විසින් සඳහන් කර සිටින්නේ වෙන්නට යන සියලු දේවල්ම ජනාධිපතිවරයා දැනුවත් බවටද පවසමින්ය.

මීට පෙර මෙලෙස අනතුරු අඟවා  ලියුමක් යැවූ අවස්ථාවේ එම ලිපියට අත්සන් තැබූ හමුදා නිලධාරීන් සොයාගෙන ඔවුනට විරුද්ධව හමුදා අධිකරණයේ දී නඩු පවරා ඇති අතර මෙවර ලිපිය ජනතාවට විවෘත කරමින් එයට ජනතාවටද අත්සන් තැබීමට අවස්ථාව එම පිරිස විසින් සලසා තිබුණු අතර ඊයේ (10) දිනයේ දී පමණක් මෙම ලිපිය සඳහා ලක්ෂයක් පිරිසක් අත්සන් තබා තිබේ.

Rate this item
(1 Vote)