April 25, 2024

අමුතු නමක් තිබීම නිසා Facebook ආයතනයෙන් ප්‍රංශයේ නගරයක් ඉවත් කරයි

ප්‍රංශයේ නගරයක් නමින් තිබු ෆේස්බුක් පිටුවක් තාවකාලික අත්හිටුවීමට තීරණයක් ගෙන තිබේ.

"Bitche (බිච්)" නම් මෙම නගරයේ නාමය ඉංග්‍රීසි භාෂාවේදී පුද්ගලයෙකුට අපහාස කිරීම සඳහා යොදා ගන්න අසභ්‍ය වචනයක් ලෙස සලකා මෙම ඉවත් කිරීම සිදු කර තිබේ.

ෆේස්බුක් සමාගමේ නව ඇල්ගොරිතම ඔස්සේ මෙම වචනය මෙලෙස හඳුනාගෙන ඇති අතර පසුව එය සමාජ මාධ්‍ය තුළින් අවහිර කර තිබේ.

ප්‍රංශයේ බිච් නගරයේ නගරාධිපතිවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ පසුගිය මාර්තු මස 19 වැනිදා ඔවුන් විසින් පවත්වාගෙන ගිය "Ville de Bitche (විලේ ඩි බිට්චේ)" නම් ෆේස්බුක් පිටුව වෙත එම පිටුව මඟින් ෆේස්බුක් ප්‍රජා සම්මුතීන් උල්ලංඝනය කර ඇති බවට චෝදනාවක් පැමිණි බවයි.

ඉන් ටික දිනකට පසුව සිය ෆේස්බුක් පිටුව එම ආයතනයෙන් ඉවත් කර තිබු බවද ඔවුන් ප්‍රකාශ කර තිබුණි.

නගරාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ සිය නගරයේ නාමය වැරදි අර්ථකථනයක් ලෙසින් සමාජ ගතව ඇති බවයි.

පසුව ඔවුන් විසින් නව ෆේස්බුක් පිටුවක් ආරම්භ කර තිබූ අතර එයට නගරයේ නම වෙනුවට එම නගරයේ තැපැල් කේතාංකය යොදාගෙන තිබුණි.

එම ෆේස්බුක් පිටුව ඉවත් කිරීමට පෙර පැවැතියේ පහත අයුරිණි,

Rate this item
(0 votes)