March 29, 2024

වසර 17,000ක් පැරණි වාදනය කළ හැකි හක්ගෙඩියක් සොයා ගනී

February 11, 2021

දකුණු ප්‍රංශයේ කරන ලද පුරා විද්‍යා ගවේෂණයකදී වසර 17,000ක් පැරණි පුරාණ හක්ගෙඩියක් සොයා ගැනීමට පුරා විද්‍යා ගවේෂකයන් සමත් වී තිබේ.

මෙම හක්ගෙඩිය පියර්නීස්වලින් සොයා ගන්න ලද මාර්සූලස් ගුහාවල ඇති චිත්‍රවල ඇති හක්ගෙඩිවලට සමාන බවද ඔවුන් පවසා තිබේ.

මෙන්ම මෙම හක්ගෙඩිය වැඩි දියුණු කර ඇති බවත් එය බොහෝ විට වාදනය කිරීම සඳහා කරන ලද දෙයක් විය හැකි බවද පුරා විද්‍යා ගවේෂකයන් පවසා තිබේ.

එමෙන්ම මෙම හක්ගෙඩිය ප්‍රංශ වෘත්තීය සංගීතඥයින්ගේ අවධානයට යොමු කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ එය වාදනය කළ හැකි තත්ත්වයේ පවතින බවයි.

Rate this item
(0 votes)