April 25, 2024

ප්‍රංශයේ යළිත් වෙඩි තැබීමක්

November 01, 2020

ප්‍රංශයේ ලියෝන් නගරයේ දී ඊයේ (31) යළිත් වෙඩි ප්‍රහාරයක් සිදුව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ කිතුණු දේවස්ථානයක පූජකවරයෙකු ඉල්ලක කරගනිමිනි. එහිදී එම පූජකවරයා බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද සඳහන් වෙයි.

සැකකරු සොයා පොලීස් මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර එහිදී සැකකරුව අල්ලා ගැනීමට සමත්ව තිබේ.

ඔහු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කළේ ඇයිද යන්න තවමත් පැහැදිළි නැති බව වාර්තා වෙයි.

මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ඊයේ (31) හවස 4.00ට පමණ වන අතර පූජකවරයා විසින් දේවස්ථානය වසන අවස්ථාවේ සැකකරු විසින් වෙඩි තබා තිබේ.

සිදුවීමෙන් පසුව එම ප්‍රදේශයට හදිසි තත්ත්වයක් ප්‍රකාශ කර තිබු අතර ජනතාවට එම පෙදෙසට නොපැමිණෙන ලෙසද පවසා තිබුණා.

Rate this item
(0 votes)

Related items