April 14, 2021

බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරඟ 02කින් යුතු ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි පිතිකරුවෙකු වූ කුසල් මෙන්ඩිස්ව නම් කර නොමැති බව වාර්තා වෙයි.

පසුගියදා පැවැති බටහිර කොදෙව් සංචාරය සඳහාද කුසල් මෙන්ඩිස්ව ඇතුළත් කරගෙන නොතිබුණි.

මේ අතර අබාධායකට මුහුණ දී සිටි නවක ක්‍රීඩක පැතුම් නිශ්ශංක සුවය ලබා ඇති බැවින් ඔහුව නැවත ටෙස්ට් තරඟාවලිය සඳහා කැඳවා තිබේ.

එමෙන්ම නවක ක්‍රීඩකයෙකු වන ප්‍රවීන් ජයවික්‍රම හටද මෙවර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට එක් වූ නවක ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිශ්ශංක සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරඟයෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා අතරට එකතු වීමට සමත්විය.

ඒ සිය මංගල ටෙස්ට් තරඟයෙන්ම ශතකයක් ලබා ගත් ක්‍රීඩකයන් සිව්දෙනා අතරට එක්වෙමිනි.

මීට පෙර එම දක්ෂතාවය දක්වා තිබුණේ බ්‍රෙන්ඩන් කුරුප්පු, රොමේෂ් කළුවිතාරණ සහ තිලාන් සමරවීර පමණයි.

පැතුම්ගේ මෙම ශතකය පිටුපස අපුරු කතාවක්ද සැඟව තිබේ.

පැතුම්ගේ පියා මෙන්ම, ක්‍රිකට් උපදේශකවරයා, පුහුණුකරු වන සුනිල් සිල්වා මහතා මෙම අපුරු කතාව හෙළි කර තිබුණි.

පැතුම් ශතකය වාර්තා කළ පළමු තරගය වන සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර කොදෙව්වන් අතර තරගයේ දීය. 

එම තරගයට පෙර පැතුම් හට සිය පියා වන සුනිල් සිල්වා මහතා කියා තිබුණේ නිලකුණු පන්දු 50ක් මුලින්ම ක්‍රීඩා කර පිටියේ ස්ථාවර වූ පසුව ලකුණු ලබා ගැනීම ආරම්භ කරන ලෙසයි.

 එමෙන්ම තරගය ඔවුන්ගේ පැත්තෙන් අපේ පැත්තට හරවා ගන්න ලෙසද සුනිල් මහතා පැතුම් හට ප්‍රකාශ කර තිබුණි.

පැතුම්ගේ පියා විසින් මෙම කියාදුන් ක්‍රමය පැතුම් පිටියේ ක්‍රියාත්මක කර ආකාරයත් එය සාර්ථක වූ බවත් පෙනී යන්නේ පැතුම් නිශ්ශංක තමන්ගේ නම ශ්‍රී ලංකා ක්‍රිකට්හි නොමැකෙන නාමයන් තුළ සටහන් කළ ආකාරයෙනි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් ශ්‍රී ලංකාව හැර ගිය හේතුව ජාතික පුවත්පතක අතිරේකයක් සඳහා සාකච්ඡාවක් ලබා දෙමින් හෙළි කර තිබේ.

එහිදී ඩිල්ෂාන් පවසා සිටියේ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වශයෙන් කටයුතු කරන සමයේ තමන්ට සිය පවුල සමඟ ගත කිරීමට තිබූ කාලය අඩු වූ බවයි.

ක්‍රීඩා දිවියෙන් සමුගත්තත් ශ්‍රී ලංකාවේ රැඳී සිටියහොත් වෙනත් වැඩ කටයුතුවලට සම්බන්ධ වීමට සිදුවන නිසා තමන් ඇතුළු පවුලේ පිරිස ඕස්ට්‍රේලියාවේ පදිංචියට ගිය බවයි.

කෙසේ වෙතත් රට වෙනුවෙන් ඔ්නෑම අවස්ථාවක තමන්ගෙන් දෙයක් විය යුතු නම් ඒ වෙනුවෙන් තමන් ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වන බවද ඩිල්ෂාන් සඳහන් කර තිබුණි.

ඩිල්ෂාන් වසරකට පමණ පසුව නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණ තිබුණත් නැවතත් ඔ්ස්ට්‍රේලියාවට යෑමට නියමිත බවද සඳහන් කළේය.

ඕස්ට්‍රේලියාවේදී ක්‍රිකට් සමාජ කිහිපයකට ක්‍රීඩා කරන්නැයි ඩිල්ෂාන්ට ආරාධනා ලැබී ඇති බවද ඔහු සඳහන් කර තිබුණි. 

එම ක්‍රිකට් සමාජවලට තමන්ගේ අත්දැකීම් අවශ්‍ය බව පැවසූ ඩිල්ෂාන් වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන්ට වෙලාවක් ඇත්නම් එම සමාජවලට පැමිණ ක්‍රීඩා කරන ලෙසද ඔවුන් පවසා ඇති බවයි.

එමෙන්ම විවිධ රටවල තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම තමන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා පුහුණු වීම්වල නිරතව සිටින බවත් ඔවුන්ට තමන්ගේ අත්දැකීම් එක්ක ඔවුන්ගේ ක්‍රිකට් දිවිය හදා ගැනීමට අවශ්‍ය යැයිද ඩිල්ෂාන් සඳහන් කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා පොත් අතරට එක් වූ නවක නාමය වන පැතුම් නිශ්ශංකව “තවත් කුසල් මෙන්ඩිස් කෙනෙක් කරන්න එපා” යැයි පැතුම්ගේ ක්‍රිකට් පුහුණුකරු වන සුනිල් කළුවටන මහතා ප්‍රකාශ කරයි.

එහිදී ඔහු සඳහන් කළේ “අර කුසල් මෙන්ඩිස් වගේ ප්ලේයර් කෙනෙකුට කරා වගේ, දිනනකොට බනින්නේ නැතුව ඉන්නයි, පරාද වෙන කොට බනින්නයි නැතුව මම ඉල්ලලා කියන්නේ හැම කෙනෙක්ගෙන්ම හැම ප්‍රේක්ෂකයෙක්ගෙන්ම පැතුම්ගේ ඉනිම පැතුම්ට ගහන්න දෙන්න..පැතුම් හොඳ ඉහළ තලයකට යාවි..” ලෙසනි.

තවමත් 22 හැවිරිදි වියේ පසුවන පැතුම් නිශ්ශංක පළමුවරට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම සඳහා සුදුසුකම් ලබාගන්නේ මේ දිනවල පැවැත්වෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟාවලිය අතරදීය.

මෙරට ඉහළ පළමු පෙළ ලකුණු සාමාන්‍ය රඳවා ගෙන ඇති පැතුම් නිශ්ශංක විසින් සිය මංගල ටෙස්ට් ක්‍රිකට් ශතකය ලබා ගන්නේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේදී සිය පළමු තරඟයේම ශතකයක් ලබාගත් ක්‍රීඩකයන් අතර සිය නම සටහන් කරගනිමිනි.

මීට පෙර එම දක්ෂතාවය දක්වා තිබුණේ මෙරට බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් වන බ්‍රෙන්ඩන් කුරුප්පු, රෝමේෂ් කළුවිතාරණ සහ තිලාන් සමරවීර යන ක්‍රීඩකයන් පමණි. 

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායකත්වය දැරූ ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් හට හදිසි MRI පරික්ෂණයක් සිදු කර තිබේ.

පසුගිය 21 වැනිදා නිමාවට පත් වූ  “රෝඩ් සේව්ටි වර්ල්ඩ් සිරීස් (Road Safety World Series)”  තරඟාවලියේ දී ඩිල්ෂාන් ආබාධයකට ලක් වූ අතර ඔහු ක්‍රිඩා කළේ වේදනා නාශක එන්නත් ලබාගෙනය.

කෙසේ වෙතත් ඩිල්ෂාන් තරඟාවලිය නිමා වීමෙන් පසුව මෙම MRI පරික්ෂණය වෙත මුහුණ දී තිබේ.

ලෝක ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගත් ක්‍රිකට් ක්‍රීඩකයන් සමඟ පැවැති රෝඩ් සේව්ටි වර්ල්ඩ් සිරීස් තරඟාවලියේ දී ඩිල්ෂාන් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වූ අතර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා බවටද පත්විය.

ඩිල්ෂාන් හට MRI පරික්ෂණය කරන ආකාරය වීඩියෝ,

වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද අසතුටින් සිටින බව ඔහු ඊයේ (17) දිනයේ දී කළ ප්‍රකාශයකින් පැහැදිළි වෙයි.

ඊයේ අරලියගහ මන්දිරයේ පැවැති 96 ලෝක කුසලාන ක්‍රිකට් ශූරයන්ව ඇගයීමේ උත්සවයකදී අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේ 1996 ශ්‍රී ලංකාව දිනා ගත් ක්‍රිකට් කුසලාන ජයග්‍රහණය අද ඊයේ මෙන් හදවතේ රැඳී පවතින බවයි.

එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් සඳහන් කර සිටියේ දැන් ක්‍රිකට් පිටියේ සිදුවන දේවල් දිහා බැලීමේදී මෙම 96 ක්‍රිකට් ලෝක කුසලාන ජයග්‍රහණය ක්‍රිකට් ලෝලීන් විසින් නිතර නිතර මතක් කරන බවයි.

“අතීතය වැදගත් වන්නේ වර්තමානය හදා ගන්න” යැයිද එහිදී අග්‍රාමාත්‍යවරයා පැමිණි සිටි 1996 ලෝක කුසලාන ක්‍රිකට් ශූරයන් ඇතුළු අමුත්තන් ඉදිරියේ ප්‍රකාශ කළේය.

ඉන්දීයාවේදී පැවැත්වෙන ජ්‍යේෂ්ඨයන්ගේ කුසලාන තරඟාවලියේ ප්‍රබල එංගලන්ත ජ්‍යේෂ්ඨ කණ්ඩායම පරදවා ජය අත්කර ගැනීමට ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම ඊයේ (14) දිනයේ දී සමත්විය.

මෙහිදී ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ලෙස ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරුවෙකු මෙන්ම තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් කාගෙත් දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් විය.

එහිදී ඩිල්ෂාන් විසින් එංගලන්ත ඉනිමේ කඩුළු 4ක් දවා ගන්නට සමත් වන්නේ පන්දුවාර 4ක් ක්‍රියාත්මක කර ඉන් එක් පන්දුවාරයක් නිලකුණු පන්දු වාරයක් ලෙස ක්‍රියාත්මක කර ලකුණු 6ක් පමණ ලබාදෙමිනි.

ඉන් නොනැවතුණු ඩිල්ෂාන් විසින් පිත්තෙන් ද තමන්ගේ විශිෂ්ට දක්ෂතා පිළිඹිබු කරන්නට සමත් වූ අතර එහිදී නොදැවී පන්දු 26ක් තුළ 4 පහර 11ක් සහ 6 පහර 1ක් සමඟින් ලකුණු 61ක් රැස් කරගත්තේය.

තරගයේ වීරයා වූයේද තිලකරත්න ඩිල්ෂාන් වන අතර මෙම ජයග්‍රහණයත් සමඟ ලෝක ජ්‍යේෂ්ඨයන්ගේ කුසලානයේ පෙරමුණ ගැනීමටද ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම සමත්විය.

ඉන්දීයාවේදී පැවැත්වෙන ජ්‍යේෂ්ඨයන්ගේ කුසලාන තරඟාවලියේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන්ගේ කණ්ඩායම ඊයේ (14) දිනයේ දී සමත්විය.

ඒ ප්‍රබල එංගලන්ත ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම පරාජයට පත් කරමිනි.

මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි එංගලන්ත ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම අන්ත අසරණ කරන්නට ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම සමත් වන්නේ ඔවුන්ට පන්දුවාර 20 තුළ කඩුළු 09කට ලකුණු 78කට සීමා කරමිනි.

පිළිතුරු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා ජ්‍යේෂ්ඨයන්ගේ කණ්ඩායම පන්දුවාර 7යි පන්දු 03ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 81ක් ලබා ගනිමින් ජයග්‍රහණය අත් කර ගැනීමට සමත් වූ අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ඔවුනට හැකිවිය.

අසියානු ක්‍රිකට් කුසලාන තරඟාවලිය නැවත වරක් කල් යෑමට ඉඩ ඇති බවට ක්‍රීඩා ආරංචි මාර්ග ප්‍රකාශ කර තිබේ.

පසුගිය වසරේ දී එය පැවැත්වීමට නියමිත තිබුණත් කොරෝනා වෛරස් තත්ත්වය නිසා එය මෙම වසර දක්වා කල් දැමීමට තීරණය කළේය.ෙ

පාකිස්ථානය මෙවර සත්කාරකත්වය දැරීමට තිබුණත් පසුව ඔවුන් එය ශ්‍රී ලංකාව වෙත ලබා දුන්නේය‍ෙ

ඒ අනුව ආසියානු කුසලාන තරඟාවලිය ජූනි මාසයේ දී පැවැත්වීමට නියමිතව තිබුණි

ඉන්දීයාව මෙවර ටෙස්ට් ලෝක කුසලානයට මූලික අවධානය ලබාදෙමින් අසියානු කුසාලන තරඟාවලියෙන් ඉවත් වූ අතර ඒ වෙනුවට ඔවුන් විසින් නවසීලන්ත ක්‍රිකට් සංචාරය ඇතුළු තවත් තරඟාවලි කිහිපයක් සඳහා අවධානය යොමු කර තිබේ.

පාකිස්ථාන ක්‍රිකට් බලධාරීන් විසින් පවසා ඇත්තේ මෙම වසරේ දී ආසියානු කුසලාන තරඟාවලිය පැවැත්වීම සඳහා ඇත්තේ සීමිත ඉඩකඩක් බවයි. බොහෝ විට එය 2023 වසර දක්වා කල් යෑමට ඉඩ ඇති බවද ඔවුන් පවසා සිටියි. 

මෙම කල් දැමීමට සහභාගී වන කණ්ඩායම්වල කරුණු ද සලකා බැලීමෙන් පසුව ගත් තීරණයක් බවටද වාර්තා වෙයි.

2023 වසරේ දී අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් හී වේග පන්දු යවන පුහුණුකරු ලෙස කටයුතු කිරීමට අපේක්ෂා සිටින බවට ජාතික පුවත්පතක් වාර්තා කර තිබේ.

මීට පෙර වේග පන්දු යවන පුහුණුකරු ලෙස චමින්ද වාස් එක්ව සිටියත් වැටුප් ආරවුලක් හේතුවෙන් පසුගිය මාසයේ අගභාගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් බලා පිටත්ව යාමට පෙර වාස් ඉල්ලා අස්විය.

 ශ්‍රී ලංකාවේ හිටපු වේග පන්දු යැවීමේ පුහුණුකරු ඩේවිඩ් සකර් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව චමින්ද වාස් ව එම තනතුර සඳහා බඳවා ගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය සතියේ දී චම්න්ද වාස් සමඟ සුහද සාකච්ඡා පවත්වා ඇති බවත් මෙහිදී නැවත ශ්‍රී ලංකා ක්‍රිකට් හී වේග පන්දු යවන පුහුණුකරු ලෙස චමින්ද වාස් එක්වීමට කැමැත්ත පළ කර ඇති බවට එම පුවත්පත වාර්තා කර තිබේ.




Page 1 of 5