May 06, 2024

තරගය හදිසියේ නවතියි

February 11, 2022

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 1.40ට ආරම්භ වූවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ශ්‍රී ලංකා නායක දසුන් ශානක යි.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසුණු ඔස්ට්‍රේලියා පිතිකරුවන්ට ආක්‍රමණශීලී ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් මේවන විට තරගය තාවකාලිකව නවතා දමා ඇත්තේ හදිසියේ ඇදහැළුණු වර්ෂාවත් සමගින්.

තරගය නවතා දමන විට 09 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වූ අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලබා සිටින ලකුණු ගණන 58ක්.

ඔස්ට්‍රේලියාවේ පළමු කඩුල්ල ලෙස නායක ඒරන් ෆින්ච් දැවී ගියා.

ලොව අංක එකේ විස්සයි 20 පන්දු යවන්නාවන වනිඳු හසරංගගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙනු යි ඔහු දැවී ගියේ.

දැවී යන විට ෆින්ච් ලබා සිටියේ ලකුණු 08ක් පමණ යි.

තරගය නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ජෝෂ් ඉංග්ලිස් ලකුණු 17ක් ද, බෙන් මැක්ඩෙමෝට් ලකුණු 30ක් ද ලබා සිටියා.

Rate this item
(0 votes)
Last modified on Friday, 11 February 2022 14:41