May 06, 2024

තරගයට දින කිහිපයයි! ශ්‍රී ලංකා සංචිතය තුළට යළි කොවිඩ් ඇතුළු වෙයි!

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර හට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි හඳුණාගෙන තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියාව සමග පැවැත්වීමට නියමිත 20 විස්ස තරගාවලිය ආරම්භ වීමට දින කිහිපයක් පමණක් ඉතිරිව තිබිය දියි.

ඒ සඳහා පෙබරවාරි 03 වැනි දින ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර තුෂාරගේ PCR වාර්තාවත් සමග මෙම තරගාවලියට ඔහුගේ සහභාගීත්වය පිළිබඳ අවිනිශ්චිත බවක් හටගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඒෂියන් මිරර් ක්‍රීඩා පුවත් අංශය වෙත වැඩිදුරටත් වාර්තා වූයේ නුවන් තුෂා‍ර මෙලෙස ආසාදිත බවට හඳුණාගෙන ඇත්තේ මීට දින 06කට පෙර සිදු කළ PCR පරීක්ෂාවක ප්‍රතිඵලයකින් බව යි.

ඒ අනුව පළමු PCR පරීක්ෂණයෙන් දින 07කට පසු, එනම් හෙට (01) දින තුෂාරට දෙවැනි PCR පරීක්ෂාව සිදු කිරීමට නියමිත බව සඳහන්.

හෙට සිදු කිරීමට නියමිත එම PCR පරීක්ෂණයේ දී තුෂාර සුව වී ඇති බවට ප්‍රකාශ වීම සිදු වුව ද, තරගාවලියට සහභාගී කරවනවා ද නැද්ද යන්න තීරණය වන්නේ තුෂාරට සිදු කෙරෙන වැඩිදුර පරීක්ෂණවලින් පසුව බව යි ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කළේ.

දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව සතුටුදායක වී නුවන් තුෂාර ඔස්ට්‍රේලියාව බලා රැගෙන ගිය ද තරගයට සහභාගි කරවීමට පෙර එරට දී ද ඔහුව පරීක්ෂාවට භාජනය කෙරෙනු ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර පරීක්ෂණ වාර්තාවට අනුව තුෂාර කොවිඩ් 19 ආසාදිත බවට හඳුණාගෙන ඇති නමුත් ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් මේවන විට පෙන්නුම් කොට නොමැති බව ද වාර්තා වෙනවා.

27 හැවිරිදි නුවන් තුෂාර ජාත්‍යන්තර කතාබහට ලක් වූයේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව, සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංගගේ ඉරියව්වට යම් සමානකමක් දැක්වීම හේතුවෙන්.

පසුගිය දා නිමා වූ ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් LPL තරගයේ දී ද තුෂාර දස්කම් දැක්වූ අතර ඔහු එම තරගාවලියේ තරග 08ක් තුළ දවාගත් කඩුළු ගණන 12ක්.

ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා 20 විස්ස තරගාවලිය පෙබරවාරි 11 වැනි දා සිට 20 දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 31 January 2022 15:44