April 27, 2024

කාසියේ වාසිය කැංගරුවන්ට! දෙවැනි අවසන් පූර්ව තරගය ඇරඹෙයි!

November 11, 2021

මෙවර පන්දු වාර 20 ලෝක කුසලානයේ අවසාන මහා තරගයට සහභාගීවන දෙවැනි කණ්ඩායම තෝරා ගන්නා දෙවැනි අවසන් පූර්ව තරගය මීට සුලු මොහොතකට පෙර ආරම්භ වූවා.

අද (11) තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාව සහ පාකිස්තානය අතර යි.

පාකිස්තානය මෙම ලෝක කුසලානයේ දී තවමත් එක් වරක් හෝ පරාජය වී නොමැති වීම විශේෂත්වයක්.

තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ ඔස්ට්‍රේලියානු නායක ඒරන් ෆින්ච් විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පාකිස්තාන ආරම්භක පිතිකරුවන් යුගල මේවන විට පිටියට පිවිස සිටිනවා.

කණ්ඩායම් දෙකෙහිම වෙනසක් සිදු කර නොමැති අතර මීට පෙර තරගවලට සහභාගී වූ ක්‍රීඩකයින්ම යොදාගෙන තිබෙනවා.

පළමු අවසන් පූර්ව තරගය ඊයේ (10) රාත්‍රියේ පැවැත්වුණු අතර එංගලන්තය පරදවා ඉන් ජය ලැබුවේ නවසීලන්තය යි.

ඒ අනුව අවසාන මහා තරගය නවසීලන්තය සහ අද තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 11 November 2021 19:38