April 27, 2024

තරගයේ අඩක් අවසන්! නිස්සංක තනිවම ඉනිමෙහි බර කරට ගනියි!

පන්දු වාර 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය මේවන විට පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකානු නායක ටෙම්බා බවුමාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූවා.

නියමිත පන්දුවාර 20 අවසානයේ සියළු දෙනා දැවී ශ්‍රී ලංකාව ලැබූ ලකුණු සංඛ්‍යාව 142ක්.

දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්නේ දක්ෂතාවයන් ශ්‍රී ලංකා ඉනිමේ දී කැපී පෙනුණු අතර සාර්ථක ලෙස ක්‍රීඩා කළේ පැතුම් නිස්සංක පමණයි.

සිය කණ්ඩායමේ අනෙකුත් පිතිකරණ සගයින් අසාර්ථක වී අඩු ලකුණූ ගණනකට දැවී යද්දී එල්ල වූ පීඩනය මධ්‍යයේ නිස්සංක අගනා ඉනිමක් ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට යම් තරමක් හෝ බලාපොරොත්තු තැබිය හැකි ලකුණූ ප්‍රමාණයකට මුලු ලකුණු ගණන රැගෙන යමින්.

පන්දු 58ක් තුළ පැතුම් නිස්සංක ලකුණූ 72ක් ලබාගත්තා.

ඔහුගේ ඉනිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් අන්තර්ගත වූවා.

චරිත් අසලංක පන්දු 14ක් තුළ ලකුණු 21ක් ලබා ගත්තා.

නායක දසුන් ශානක ලකුණූ 11යි.

අනෙක් එකදු පිතිකරුවෙකුට අංක දෙකක ලකුණූ ප්‍රමාණයකට ලඟා වීමට හෝ හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී ටබ්‍රයිස් ශම්සි සහ ඩ්වේන් ප්‍රෙටෝරියස් යන දෙදෙනාම ලකුණූ 17කට කඩුලු 03 බැගින් ලබා ගත්තා.

අන්රික් නොර්කියා ලකුණු 27කට කඩුලු 02යි.

ලැබී ඇති ලකුණූ 143ක ඉලක්කය සඳහා දකුණූ අප්‍රිකානු පිතිකරුවන් පිටියට පැමිණ තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 30 October 2021 19:08