May 17, 2024

ශ්‍රී ලංකාව ඊයේ නෙදර්ලන්තයට කළ දේ සුද්දෝ අද කොදෙව්වන්ට කරයි

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ දෙවැනි තරගය මේවන විට පැවැත්වෙනවා.

ඒ එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර යි.

කාසියේ වාසිය දිනූ එංගලන්ත නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසුණූ කොදෙව් පිතිකරුවන් සිය ඉනිම අවසන් කළේ කිසිසේත් බලාපොරොත්තු නොවූ ආකාරයෙන්.

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සියළු දෙනා දැවී ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 55ක් පමණයි.

අවසන් කඩුල්ල දැවී ගියේ තරගයේ 15 වැනි පන්දුවාරය ආරම්භයේ යි.

වැඩිම ලකුණු ලැබූ කොදෙව් ක්‍රීඩකයා වූ ක්‍රිස් ගේල් හට වාර්තා කිරීමට හැකි වූයේ ලකුණු 13ක් පමණ යි.

ඒ අනුව එංගලන්ත කණ්ඩායමට තරග ජය සඳහා ලකුණූ 56ක පහසු ඉලක්කයක් ලැබී තිබෙනවා.

පන්දු යැවීමේ දී අදිල් රෂීඩ් ලකුණු 02කට කඩුළු 04ක් දවා ගනිමින් සුපිරි දක්ෂතාවක් දැක්වූවා.

ඔහුට අමතරව මොයීන් අලී සහ ටයිමල් මිල්ස් කඩුළු 02 බැගින් ද ක්‍රිස් වෝක්ස් සහ ක්‍රිස් ජෝඩන් කඩුළු 01 බැගින්ද බිඳහෙළුවා.

ඊයේ පැවැති මූලික වටයේ අවසන් තරගයේ දී නෙදර්ලන්තය ද ශ්‍රී ලංකාව හමුවේ මෙවැනිම ඉරණමකට මුහුණ දුන්නා.

සියලු දෙනා දැවී ඔවුන් ලබා ගත්තේ ලකුණු 44ක් පමණ යි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 23 October 2021 20:57