May 18, 2024

ශ්‍රී ලංකාවට දැවැන්ත ජයක්! තරගය අවසන් වූයේ මෙහෙමයි!

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගයේ මූලික වටයේ අවසන් තරගය මීට සුළු මොහොතකට පෙර නිමාවට පත් වුණා.

ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය පැවැති තරගයෙන් කඩුළු 08ක විශිෂ්ඨ ජයක් ලබන්නට ශ්‍රී ලංකාව සමත් වූවා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

කෙසේ වෙතත් නොසිතූ තරම් වේලාසනින් නෙදර්ලන්ත ඉනිම අවසන් වූවා.

නෙදර්ලන්ත පිතිකරුවන් අන්ත අසරණ කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූයේ ඉහළ දක්ෂතා දක්වමින්.

නෙදර්ලන්ත පිතිකරුවන්ට පිටිය මත රැඳී සිටීමට හැකි වූයේ පන්දු වාර 10ක් පමණයි.

සියලු දෙනා දැවී ඔවුන් ලබා ගත් ලකුණු ගණන 44ක්.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 09කට කඩුලු 03ක් ද, ලහිරු කුමාර ලකුණු 07කට කඩුලු 03ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 03කට කඩුලු 02ක් ද ලබා ගද්දී දුෂ්මන්ත චමීර ලකුණු 13කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ලැබී තිබූ ලකුණූ 45ක ඉලක්කය ඉතා පහසු එකක් වුවත් ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු දවා ගැනීමට නෙදර්ලන්ත පන්දු යවන්නන් සමත් වූවා.

පළමු කඩුල්ල ලෙස පැතුම් නිස්සංක කිසිදු ලකුණක් නොලබා දැවී ගිය අතර චරිත් අසලංක දැවී ගියේ ලකුණු 06කට යි.

ජයග්‍රාහී ලකුණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට ගත වූයේ පන්දුවාර 07ක් පමණයි.

කුසල් පෙරේරා නොදැවී ලකුණු 33ක් ලබා ගත්තා. 

අනෙක් පස නොදැවී ක්‍රීඩා කරමින් සිටි අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 02ක් ලබා සිටියා.

තරගයේ වීරයා වූයේ ලහිරු කුමාර යි.

මෙම ජයග්‍රහණයත් සමග ශ්‍රී ලංකාව මෙම ලෝක කුසලානයේ සහභාගී වූ සියළු තරග ජයගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව පෙරේදා දිනයේ දී සුපිරි 12 දෙනාගේ වටයට පිවිසුණු අතර නෙදර්ලන්තය මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයෙන් ඉවත් වූවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 21:38