May 18, 2024

44කට සියල්ලෝම දැවී යයි! සිංහයෝ සාජා පිටිය කළඹයි!

මෙවර පන්දුවාර 20 ලෝක කුසලාන තරගයේ මූලික වටයේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර මේවන විට ක්‍රියාත්මක යි.

මීට සුළු මොහොතකට පෙර නොසිතූ තරම් වේලාසනින් නෙදර්ලන්ත ඉනිම අවසන් වූවා.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි නෙදර්ලන්ත පිතිකරුවන් අන්ත අසරණ කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූයේ ඉහළ දක්ෂතා දක්වමින්.

නෙදර්ලන්ත පිතිකරුවන්ට පිටිය මත රැඳී සිටීමට හැකි වූයේ පන්දු වාර 10ක් පමණයි.

සියලු දෙනා දැවී ඔවුන් ලබා ගත් ලකුණු ගණන 44ක්.

පන්දු යැවීමේ දී වනිඳු හසරංග ලකුණු 09කට කඩුලු 03ක් ද, ලහිරු කුමාර ලකුණු 07කට කඩුලු 03ක් ද, මහීෂ් තීක්ෂණ ලකුණු 03කට කඩුලු 02ක් ද ලබා ගද්දී දුෂ්මන්ත චමීර ලකුණු 13කට එක් කඩුල්ලක් දවා ගත්තා.

ලහිරු කුමාර සිය හොඳම විස්සයි 20 පන්දු යැවීමයි අද වාර්තා කළේ.

ලැබී ඇති ලකුණූ 45ක පහසු ඉලක්කය වෙත යාම සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිත යි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 21:31