May 01, 2024

භානුක සහ අවිශ්ක එක්වෙයි - ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී තමන් සහභාගී වූ පළමු තරගයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.

ශ්‍රී ලංකාව තරගය ජයගත්තේ කඩුළු 07කින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව පිටියට පිවිසි නැමීබියානු පිතිකරුවන් සියළු දෙනා ලකුණු 96කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.

අවසන් කඩුල්ල දැවී ගියේ තරගයේ අවසන් පන්දු වාරයේ තුන් වැනි පන්දුවේ දී.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුළු 03ක් ලබා ගත්තේ ලකුණූ 25කට යි.

ලහිරු කුමාර ලකුණු 09කට කඩුළු දෙකකුත්, වනිඳු හසරංග ලකුණු 24කට කඩුළු 02කුත් දවා ගත්තා.

ලකුණු 17කට එක් කඩුල්ලක් දවා ගැනීමට චාමික කරුණාරත්නට හැකි වුණු අතර දුෂ්මන්ත චමීර ලකුණූ 19කට එක් කඩුල්ලක් ලබා ගත්තා.

නැමීබියානු ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වූ ක්‍රෙයිග් විලියම්ස් ලබා ගත් ලකුණු ගණන 29ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 97ක පහසු ඉලක්කයක් හිමි වූවත් ශ්‍රී ලංකාවේ මුලු ලකුණූ ගණන 26ක් වෙද්දී දැවී ගොස් තිබූ කඩුළු ගණන 03ක්.

පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල් ලබා ගත්තේ ලකුණු 05 බැගින් පමණක්වන අතර කුසල් ජනිත් පෙරේරා ලබාගත්තේ ලකුණු 11ක් පමණයි.

කෙසේ වෙතත් සිදු වූ අවමානයෙන් ශ්‍රී ලංකාව ගලවා ගැනීමට පැමිණියේ අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ යි.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ සීමාව කරා ගෙන ගිය අතර අවිෂ්ක ලකුණු 30කුත් භානුක ලකුණු 42කුත් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණූ 100ක් ලබා තරගය ජයගනු ලැබුවා.

තරගයේ ජය තහවුරු කිරීම සඳහා ශ්‍රී ලංකා පිතිකරුවන් වැය කළේ පන්දුවාර 13යි පන්දු 03ක් පමණයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 09:41