May 01, 2024

තරගයේ අඩක් අවසන්! ශ්‍රී ලංකා පන්දු යවන්නන් සුපිරි දස්කම් දක්වයි!

2021 පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයවන නැමීබියාවට එරෙහි තරගය මේවන විට පැවැත්වෙනවා.

නැමීබියා ඉනිම මීට සුළු මොහොතකට පෙර අවසන් වූ අතර කඩුළු සියල්ල ලකුණු 96කට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූවා.

අවසන් කඩුල්ල දැවී ගියේ තරගයේ අවසන් පන්දු වාරයේ තුන් වැනි පන්දුවේ දී.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ කඩුළු 03ක් ලබා ගත්තේ ලකුණූ 25කට යි.

ලහිරු කුමාර ලකුණු 09කට කඩුළු දෙකකුත්, වනිඳු හසරංග ලකුණු 24කට කඩුළු 02කුත් දවා ගත්තා.

ලකුණු 17කට එක් කඩුල්ලක් දවා ගැනීමට චාමික කරුණාරත්නට හැකි වුණු අතර දුෂ්මන්ත චමීර ලකුණූ 19කට එක් කඩුල්ලක් ලබා ගත්තා.

නැමීබියානු ඉනිමෙහි වැඩිම ලකුණු ලාභියා වූ ක්‍රෙයිග් විලියම්ස් ලබා ගත් ලකුණු ගණන 29ක්.

ජයග්‍රහණය සඳහා ලකුණු 97ක පහසු ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිත යි.

Rate this item
(0 votes)