May 01, 2024

කාසියේ වාසිය ගත් ශ්‍රී ලංකා කණ්ඩායම කළු පටි පැළඳ පිටියට එයි

මෙවර පන්දුවාර 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වූවා.

ඒ නැමීබියාවට එරෙහිව යි.

මේ අතර අද තරගයට සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විශේෂ කටයුත්තක් සිදු කොට තිබෙනවා.

ඔවුන් කළු පටි පැළඳ පිටියට පිවිසෙන්නට යි තීරණය කර ඇත්තේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තීරණය ගෙන ඇත්තේ අද දින අභාවප්‍රාප්ත වූ බන්දුල වර්ණපුර මහතාට ශෝකය පළ කිරීම සඳහා යි.

මෙරට පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන්නේ වර්ණපුර මහතාවන අතර ශ්‍රී ලාංකීය පළමු ටෙස්ට් ලකුණ වාර්තා කළේ ද ඔහු විසින්.

තරගය ආරම්භ වීමට පෙර විනාඩියක නිෂ්ශබ්දතාවක් ද වර්ණපුර මහතා වෙනුවෙන් වෙන් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කළා.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩක දසුන් ශානක විසින්.

ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව නැමීබියානු ආරම්භක පිතිකරුවන් පිටියට පිවිස තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Friday, 22 October 2021 09:46