May 04, 2024

LPL තරඟ කාලසටහන නිකුත්වේ - තරඟාවලියේ වෙනසක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දෙවැනි වරටත් පවත්වනු ලබන ‘ලංකා ප්‍රිමියර් ලීග් 2021’ තරඟාවලියේ කාලසටහන නිකුත්වී තිබෙනවා. එහි පළමු තරඟය ගිය වර ශූරයින් සහ අනුශූරයින් බවට පත් වුණු යාපනය සහ ගාල්ල අතර තරඟයක් ලෙස ලබන දෙසැම්බර් මස 05 වැනිදා  ආරම්භවීමට නියමිතයි.

එල්.පී.එල් තරඟාවලියේ සමාරම්භක උළෙල එදින පස්වරු 3.00 ට පැවැත්වෙන අතර, යාපනය සහ ගාල්ල කණ්ඩායම් අතර තරඟය ප.ව. 7.30 ට ආරම්භ වෙනවා.

ගිය වසරේ පැවැති තරඟාවලියේ සියළුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වූ නමුත්, දෙවැනි තරඟාවලියේ මූලික වටයේ පැවැත්වෙන තරඟ 20 ම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඉන් අනතුරුව දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරඟය ඇතුළු ඉතිරි තරඟ හතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

මෙවර තරඟාවලියේ විශේෂත්වය වන්නේ අවසන් කණ්ඩායම් 4 අතර තරඟ වටය පිළිමළුන් පිටු දැකීමේ තරඟයකට (Eliminator) අමතරව අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබීම සඳහා තවත් සුදුසුකම් ලැබීමේ තරඟයකට ක්‍රීඩා කිරීමට කණ්ඩායම්වලට අවස්ථාව සලසා දීමයි.

මූලික වටයේ වැඩි දක්ෂතාවන් දක්වනු ලබන කණ්ඩායම්වලට අවසන් පූර්ව තරඟ වලදී සිදුවිය හැකි අසාධාරණය අවම කිරීම වෙනුවෙන් මෙම ක්‍රමය භාවිතා කරනු ඇතැයි පැවසෙනවා.

ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන් පසුවන කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් (Qualifier 1) ජයගනු ලබන කණ්ඩායම සෘජුවම අවසන් මහ තරඟයට සුදුසුකම් ලබන අතර, පරාජිතයින්ට තවත් වරක් අවසන් මහ තරඟයට සුදුසුකම් ලැබීමට අවස්ථාවක් නිර්මාණය කර දීම මෙවර හඳුන්වාදෙන ක්‍රමය හරහා සිදුකෙරෙනවා.

මීට අමතරව තරගාවලියේ ඇති අනෙක් සුවිශේෂීතාව වන්නේ දෙසැම්බර් 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයට පසු දිනද අතිරේක දිනයක් ලෙස නම් කර තිබීම වේ.

තරග කාල සටහන පහතින්,

 

 

 

 

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 October 2021 00:05