May 03, 2024

කාසියේ වාසිය දසුන්ට - අවසන් සටන ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඕමාන කණ්ඩායම අතර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි සහ අවසාන තරගය තවත් විනාඩි කිහිපයකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් දිනාගත් අතර ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි. 

ඒ අනුව ඕමාන ආරම්භක පිතිකරුවන් දෙදෙනා පිටියට පැමිණීමට යි සූදානම්ව සිටින්නේ.

මේවන විට තරගාවලියෙහි 1-0 ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ශ්‍රී ලංකාව යි.

ඒ ඔවුන් පළමු තරගය ලකුණු 19කින් ජය ගැනීමත් සමග යි.

කෙසේ වෙතත් අද තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක වනවා.

අද තරගය ජයගතහොත් තරගාවලිය සම තත්ත්වයෙන් අවසන් කරගැනීමට ඕමානයට හැකිවනු ඇති නිසා ඔවුන් ඒ සඳහා උපරිම උත්සහ දරනු ඇති බව ක්‍රීඩා විචාරකයින් සඳහන් කරනවා.

පළමු තරගයේ දී ද නොසිතූ ලෙස ඕමාන ක්‍රීඩකයින් පන්දුවෙන් දස්කම් දැක්වූ අතර ඕමාන මැද පෙළ පිතිකරුවන් ද ආක්‍රමණශීලී පිතිකරණයක නිරත වූ අයුරු දක්නට ලැබුණා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 October 2021 19:51