May 04, 2024

බන්දුල වර්ණපුරට හදිසි සැත්කමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භක නායකයෙකුවූ බන්දුල වර්ණපුර මහතා අසාධ්‍ය තත්වයෙන් රෝහල් ගත කර තිබෙන බවට වාර්තා වෙනවා.

ඔහුගේ මෙම රෝගී තත්වය හේතුවෙන් පාදයක් ඉවත්කිරීමේ සැත්කමක් ද කරන්නට සිදුවී ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරනවා.

වර්ණපුර මහතා 1975 සිට 1982 දක්වා ශ්‍රී ලංකාව නියෝජනය කළා. ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේදී ටෙස්ට් තරඟ 4 කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12 කට ක්‍රීඩා කර තිබෙනවා.

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමූ ශ්‍රී ලාංකිකයා වන්නේ වර්ණපුරයි. ජාතික ක්‍රිකට්  පුහුණුකරුවෙකු හා ක්‍රිකට් පරිපාලකයෙකු ලෙසද කටයුතු කළ ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයට පසුගිය පෙබරවාරියේ තරඟ වැදීමට නාමයෝජනා ලබාදී පසුව ඉන් ඉවත් වුණා.

බන්දුල වර්ණපුර මහතා දකුණත් ආරම්භක පිතිකරුවෙකු මෙන්ම දකුණත් මැද වේග පන්දු යවන්නෙකු ලෙසද කටයුතු කර තිබෙනවා.

බන්දුල වර්ණපුර මහතා දැනට 68 හැවිරිදි වියේ පසුවනවා.

 

Rate this item
(0 votes)