May 04, 2024

වසරේ විශිෂ්ඨතම පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයින් ගේ සම්මාන උළෙල මෙවරත්

වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා ඇතුළු දක්ෂයන් තෝරා ගැනීම සඳහා සම්මාන උලෙළ මෙවරත් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරඇති බව වාර්තා වෙනවා. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ (ලේක්හවුස්) සන්ඩේ ඔබ්සර්වර් පුවත්පත සංවිධාන කරන වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තෝරා ගැනීම මෙමගින් සිදුකෙරෙනවා. වසර 42ක් පුරා පාසල් පාසල් ක්‍රිකට් තරග බිමේ දස්කම් අගයමින් කෙරෙන මෙම තරඟාවලිය රටේ  අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට විශාල උත්තේජනයක් ලබාදෙනවා. 

ඔබ්සර්වර් පුවත්පත සමඟ ලංකාවේ වේගවත්ම මෙන්ම වැඩිම ආවරණයක් සහිතව විශාල ජනතා විශ්වාසයක් දිනා සිටින එස්එල්ටී මොබිටෙල් මේ කාර්ය සඳහා එක් වන්නේ අඛණ්ඩව 14 වැනි වරටයි.

පාසල් මට්ටමෙන් ජාතික කණ්ඩායමට කුසලතා පිරි ක්‍රිකට් ක්‍රීඩකයන් හඳුන්වා දීමේ අරමුණින් වසර 1979දී මෙම සම්මාන උලෙළ ආරම්භ වුණා. මේ වන විට පාසල් ක්‍රිකට් තරු 42ක් බිහි කරමින් දශක 4කට වැඩි කාලයක් පුරා පැවැත්වෙනවා. මෙවර මේ සම්මාන වැත්වෙන්නේ 43 වැනි වරටයි.

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම සිදුකරන්නේ පාඨක මනාපයෙන් සිදු කරන අතර, ඒ සඳහා කූපන පළ කිරීම 2 දා සිට ආරම්භ වුණා. ලේක්හවුස් ආයතනය විසින් නිකුත් සතිඅන්ත පුවත්පත්වල මේ කූපනය ඇතුළත් වූ අතර, ලේක්හවුස් දිනපතා පුවත්පත්වල ද මේ කූපනය ඇතුළත් වෙනවා.

මෙහි ඇති තවත් විශේෂක් වන්නේ කූපන් එවන පාඨකයින්ටත් ත්‍යාග දිනාගැනීමේ අවස්ථාව හිමිවීමයි. මනාප පළ කරමින් එවන ලද කූපන මඟින් සිදු කරන දිනුම් ඇදීමකින් සතිපතා ත්‍යාග පිරිනැමීමට ලංකාවේ වේගවත්ම ජාලය වන මොබිටෙල් ආයතනය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව පළමු ස්ථානය සඳහා මොබිටෙල් 4GB රවුටරයක් හිමි වන අතර, දෙවැනියාගේ සිට සිව්වැනියා දක්වා පිළිවෙළින් රු. 2500, 1500 සහ 1000ක මුදලක් පිරිනැමීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 October 2021 11:39