May 04, 2024

වසර දෙකකට පසු ශ්‍රී ලංකා "ඒ" තරඟ බිමට

September 30, 2021

සිව්දින ක්‍රිකට් තරඟ දෙකක් සහ එක්දින තරඟ දෙකකින් සමන්විත තරඟ සංචාරයක් සඳහා ලබන මස 21 වැනිදා පාකිස්තාන ක්‍රිකට් 'ඒ' කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. මෙසේ ශ්‍රී ලංකා "ඒ" කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් තරඟ බිමට පිවිසෙන්නේ වසර දෙකකට පසුවයි.

සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව නිරෝධායන කටයුතු නිමා කිරීමෙන් පසු ජෛව බුබුළක් යටතේ ක්‍රියාත්මක දෙපිල අතර පළමු සිව්දින ක්‍රිකට් තරඟය ඔක්තෝබර් 28 වැනිදා සිට 31 වැනිදා දක්වාත්, දෙවැනි සිව්දින තරගය නොවැම්බර් 04 වැනිදා සිට 07 වැනිදා දක්වා මහනුවරදී පැවැත්වීමට නියමිතයි.

මේ ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා 'ඒ' ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවකු වන රුමේෂ් රත්නායක මහතා පත් කර තිබෙනවා.

එක්දින තරඟ 3 නොවැම්බර් 10, 12 සහ 15 දිනවල පැවැත්වීමට නියමිත අතර, එම තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණය තවමත් තීරණය කර නැහැ.

ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම තරගාවලියකට එක් වන්නේ වසර දෙකකට පසුව වීම විශේෂත්වයකි. අවසන් වරට ශ්‍රී ලංකා 'ඒ' කණ්ඩායම තරගාවලියකට සහභාගී වුණේ 2019 වසරේදීයි. ඒ අශාන් ප්‍රියංජන්ගේ නායකත්වයෙන්.

තරඟ කාල සටහන

ඔක්. 28-31 පළමු සිව්දින තරඟය මහනුවරදී

නොවැ. 4-7 දෙවැනි සිව්දින තරඟය මහනුවරදී

නොවැ. 10 පළමු එක්දින තරඟය

නොවැ. 12 දෙවැනි එක්දින තරඟය

නොවැ. 15 තෙවැනි එක්දින තරඟය

Rate this item
(0 votes)
Last modified on Thursday, 30 September 2021 09:09