May 18, 2024

ලාංකික පුහුණුකරුගේ ඕමාන කණ්ඩායම සමග සිංහයින්ගේ සටන ඇරඹෙයි

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ ඕමාන ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය තවත් විනාඩි කිහිපයකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

තරගාවලිය තරග දෙකකින් යුතුවනවා.

පළමු තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.00 යි.

ඕමානයේ අල් අමාරාට් ක්‍රීඩාංගනයේ දී මෙම තරගාවලිය පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය මීට සුළු මොහොතකට පෙර උරගා බැලූ අතර එය හිමිකරගත්තේ ඕමානය යි.

ඕමාන කණ්ඩායමේ නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.

ඒ අනුව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පිටියට පිවිසීමට නියමිත යි.

ඕමාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක දුලිප් මෙන්ඩිස් මහතා යි.

එමෙන්ම හිටපු ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක රුවන් කල්පගේ මහතා එළඹෙන ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ඕමාන් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙක් ලෙස කටයුතු කිරීමට ද නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 07 October 2021 17:25