May 18, 2024

සධීරට ශ්‍රී ලංකා ක්‍රිකට් "A" කණ්ඩායමේ නායකත්වය

පකිස්ථානු ඒ කණ්ඩායම සමඟ මේ මස අගදී ආරම්භ වන නිල නොවන ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ නායකත්වය කඩුලු රකින පිතිකරුවෙකු වන සධීර සමරවික්‍රම හට ලබාදී තිබෙනවා.

ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරඟ රටාවන් තුනම නියෝජන කර ඇති සමරවික්‍රම වසර ගණනකට පසුව ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව 2-1ක් ලෙස ජයග්‍රහණය විස්සයි විස්ස තරඟාවලියේ කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙසද කටයුතු කළා.

නිල නොවන ටෙස්ට් තරගාවලිය ඔක්තෝබර් 28 දා මහනුවරින් ආරම්භ වන අතර නිල නොවන එක්දින තරගාවලිය නොවැම්බර් 10 කොළඹ දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

සංචිතය සඳහා අනුමැතිය ලබා ගැනීම සඳහා කණ්ඩායම ක්‍රීඩා අමාත්‍යවරයා වෙත යවා ඇති බවත් වාර්තා වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 06 October 2021 08:55