May 06, 2024

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට කැපිල්ලක් - ටෙස්ට් තරගයක් හලයි

September 21, 2021

එළඹෙන 2022 වර්ෂයේ ඉන්දියාවේදී ශ්‍රී ලංකාව සහභාගි වීමට තිබූ ටෙස්ට් තරග තුනෙන් එකක් මේ වන විට කපා දමා තිබෙනවා.

එළඹෙන වර්ෂයේ පෙබරවාරි හා මාර්තු වල ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව සමග ඉන්දියාවේදී ටෙස්ට් තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීමටයි කලින් සැලසුම් කර තිබුණේ.

තරග කැපීමේ හේතුව

ලෝක ක්‍රිකට් කවුන්සිලයේ අනාගත ක්‍රිකට් තරග වැඩ සටහන යටතේ ශ්‍රී ලංකාවට ටෙස්ට් තරඟ තුන හිමිව තිබුණේ.

එහෙත් එළඹෙන වර්ෂයේ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට තරග රැසකට සහභාගී වීමට තිබීම යන කරුණ පෙන්වමින් එක් තරගයක් කප්පාදු කිරීමට ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබෙනවා.

එහෙත් වාර්තා වන තොරතුරු වලට අනුව ශ්‍රී ලංකාව සමඟ සහභාගී වන ටෙස්ට් ක්‍රිකට් තරගයක් නවතා දැමීමට හේතු වී තිබෙන්නේ එළඹෙන වර්ෂයේ සිට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ශූරතාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 8 සිට 10 දක්වා වැඩිකිරීම නිසා ඊට අවශ්‍ය කාලය සොයා ගැනීම සඳහායි.

IPL වලට ප්‍රමුඛස්ථානය

එම කණ්ඩායම් දෙක වැඩිවීමත් සමග IPL ශූරතාවලිය සඳහා මේ වන විට පැවැත්වෙන තරඟ සංඛ්‍යාව 60 සිට 94 දක්වා ඉහළ යෑමට නියමිතයි.

එළඹෙන වර්ෂයේදී ඉන්දියාව ශ්‍රී ලංකාවට අමතරව නවසීලන්තය , බටහිර ඉන්දීය කොදෙව් හා දකුණු අප්‍රිකාව සමඟද ඉන්දියාවේ තරගාවලි පැවැත්වීමට කාල සටහනක් හදා තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 21 September 2021 07:23