April 28, 2024

විනය කැඩූ නිසා එළියට දැමූ තුන්කට්ටුවට නැවතත් ක්‍රිකට් පිටියට එන්න අවසර

September 19, 2021

මෙරට ක්‍රිකට් ලෝලීන් අතර දැඩි කතාබහකට ලක්වූ ක්‍රිඩකයන් තිදෙනා වන ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල සහ කුසල් මෙන්ඩිස් හට නැවත වතාවක් ක්‍රිකට් පිටියට පිවිසීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉඩ ලබාදීමට යන බවට පුවතක් පළවී තිබෙනවා.

ඔක්තොම්බර් මාසයේ දී මෙරට ආරම්භ වීමට නියමිත ක්‍රිකට් සමාජ තරඟාවලියන් හරහා මෙම ක්‍රීඩකයන් තිදෙනාට ඉදිරියේ නැවත ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව උදාවනු ඇති බවටයි වාර්තා වන්නේ.

පසුගිය ජූනි මාසයේ දී එංගලන්තය සමඟ පැවැති ක්‍රිකට් තරඟාවලියේ දී ජෛව බුබුළ ආරක්ෂණ නීතිය කඩා එංගලන්තයේ ඩර්හැම් වීදියේ ඇවිදිමින් සිටි බවට මෙම ක්‍රීඩකයන් තිදෙනාට චෝදනා එල්ල වුණා.

පසුව ඔවුන්ව විනය කමිටුව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන දඬුවම් ලබාදුන් අතර එක් අයෙකුට වසර ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවූ අතර මාස 06ක දේශීය තරඟ තහනමක් ද පනවනු ලැබුවා.

එමෙන්ම රුපියල් මිලියනයනක දඩයක් ද මෙම ක්‍රීඩකයන් තිදෙනාටම පැනවීමටද කටයුතු කළා.

පසුගිය ජූලි මස 30 වැනි දින සිට ඔවුනට එරෙහිව තරග තහනම පනවා තිබෙනවා.

Rate this item
(9 votes)
Last modified on Sunday, 19 September 2021 14:58