May 04, 2024

ලෝක කුසලානය කටේ තියාගෙන ලංකාවට අන්ත පරාජයක්

September 13, 2021

ඊයේ (12) දිනයේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැති ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර 02 දෙවැනි විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් හිමිවිය.

පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 103ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ එකම පිතිකරුවා වුයේ කලකට පසුව නැවත කණ්ඩායමට පිවිසි කුසල් ජනිත් පෙරේරා පමණයි.

ඔහු ලකුණූ 30ක් රැස් කරගත් අතර භානුක රාජපක්ෂ ඔහුට සහයක් ලබාදෙමින් ලකුණූ 20ක් රැස් කරගත්තා.

සෙසු කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව පසු කරන්නට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැහැ.

පන්දු යැවීමේදී තුන් ඉරියව් ක්‍රීඩක එයිඩන් මර්ක්‍රම් සහ ලෝකයේ අංක එකේ විස්සයි විස්ස පන්දු යවන්නා වන ටබ්රයිස් ෂම්සි විසින් කඩුළු 3 බැගින් බිඳ හෙළුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 14යි 1 පන්දුවක් තුළ ලකුණු 105ක් රැස් කරගන්නේ කඩුළු 09ක් ඉතිරිව තිබියදිය.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ක්වින්ටන් ඩී කොක් විසින් පන්දු 48ක් තුළ ලකුණු 58ක් රැස්කරගත්තා.

පන්දු යැවිමේදී වනිදු හසරංග 1ක් කඩුල්ලක් ලබාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව විස්සයි විස්ස තරඟාවලියේ ජය එක් තරගයක් ඉතිරිව තිබියදී ජයගන්න දකුණු අප්‍රිකාව සමත් වුණා.

Rate this item
(0 votes)
Last modified on Monday, 13 September 2021 08:51