May 03, 2024

තුන්වන තරඟයට පෙර චන්දිමාල් ගැන මාලිංග කියූ අනාවැකිය

September 09, 2021

ලසිත් මාලිංග තම සමකාලීන ක්‍රීඩකයකු වන දිනේෂ් චන්දිමාල් පිළිබඳව මීට දින කිහිපයකට පෙර අදහස් දක්වා තිබුණා. ඒ දකුණු අප්‍රිකානු තරගාවලියට චන්දිමාල් යොදා ගැනීම පිළිබඳ ඉතා වැදගත් අදහස් කිහිපයක්. මෙලෙස ලසිත් මාලිංග තම අදහස් දක්වා තිබුණේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින්.

චන්දිමාල්ට තුන්වෙනි මැච් එක විතරක් දෙනෙ එක අසාධාරණයි. එයාට ඒකෙන් වෙනම පීඩනයක් එනවා. මැච් එකක් ලබුණ නිසා කොහොමහරි ලකුණු ගහන්න ඕන කියලා හිතෙනවා. ඒ පීඩනය නිසාම අවුල් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මොකද තුන්වැනි තරඟය තරඟකාරී වගේම මේ කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරඟයක්.

එහෙම නැත්නම් තිබුණෙ ටුවර් එක පටන් ගන්න කොට එයාට ඕපන් දීලා කරගෙන යන්න. එහෙම එක තරඟයක් විතරක් දීලා එයාගේ දක්ෂතා හොයන්න යන්න එපා. එයා T- 20 හොදට කරපු නිසා ඒ සීරිස් එකට කෙලින්ම ඕපන් කරානම් හොඳයි. මොකද එයාගේ එක්ස්පීරියන්ස් එක වටිනවා කියන එකයි මගේ අදහස. නැත්නම් මේක කළා නැතා කියලා බලන්නේ නැතිව එක දිගටම තරඟ තුන හතරක් චාන්ස් එකක් දෙන්න ඕනේ. නැත්තං එක තරඟයක් ෆේල් වුණ ගමන්ම එළියට යනවානම් ඒක චන්දිමාල්ට කරන අසාධාරණයක්. ‍යනුවෙන් මාලිංග අදහස් පලකර තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 09 September 2021 08:18