May 03, 2024

සැරෙන් සැරේ ඇතුළට ගිය හේතුව ගැන චමින්ද වාස් කියපු කතාව

September 08, 2021

ශ්‍රී ලංකාව සහ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර තීරණාත්මක අවසන් තරඟය අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් වැඩිපුර කතා කරපු දෙයක් තිබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ සෑම කඩුල්ලක්ම බිඳ දමන අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු යවන පුහුණුකරු චමින්ද වාස් විසින් ක්‍රීඩාගාරය තුළට යන්නේ ඇයිදැයි කියන දේ තමයි මෙලෙස බොහෝ දෙනා අතර කතාබහකට ලක් වුණේ.

බොහෝ දෙනෙකුට කුතුහලයක් ගෙන දුන් මේ ප්‍රශ්නය ගැන චමින්ද වාස් විසින් ම පිළිතුරු ලබාදී තිබුණේ මෙලෙසයි,

“තරගයකට ඉස්සල්ලා ඔපෂිශන්ස්ලාව අපි ප්ලෑන් කරනවා කොයි විදිහට දවා ගන්නේ කියන එක.. එක එක ක්‍රීඩකයාගේ ස්ට්‍රෙන්ත් එක තියෙනවා, වීකන්ස් තියෙනවා ඒ දේවල් බලලා අපි පොඩි ප්ලෑන් එකක් දාගන්නවා කොහොම අවුට් කරන්නේ කියලා.. ගොඩාක් වෙලාවට මං එළියේ ඉඳලා මැච් එක බලද්දී මට විකට් එකක් හරි ඒ කියන්නේ රිවිව් එකක් හරි ඇතුළට ගියොත් ඉක්මණට බලනවා අපි සැලසුම් කරපු විදිහට දේවල් ඒ විදිහටම වෙනවද කියලා.

ප්ලෑන් කරපු ඒවායි, පන්දුව පතිත වෙන තැන් ඒ දේවල් තමයි මං ඉතින් ගොඩක් බලන්නේ.. බලලා මම පොඩි සටහනක් දාගන්නවා ඊළඟ මැච් එකට යන්න ඉස්සල්ලා පුළුවන් තරම් ඒ කතා කරපු දේවල් අපි හරි විදිහට කරනවද කියලා.. ඒක තමයි මං හැම වෙලාවෙම ඇතුළට ගිහිල්ලා බලන්නේ කොයි තැන්වලද පන්දු යැව්වේ  කියන එක තමා ගොඩාක් වෙලාවට බලන්නේ….”

හැමෝටම කුතුහලයක් වුණු චමින්ද වාස් නිතරම ඇතුළට ගිය හේතුවට ඔහු විසින්ම උත්තර ලබාදුන්නේ මෙලෙසයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 08 September 2021 19:36