May 06, 2024

ප්‍රේමදාස පිටිය දඟ පන්දුවේ රජදහනක් වෙයි - ශ්‍රී ලංකාවෙන් ලැබුණු අභියෝගය

September 07, 2021

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක තෙවන එක්දින තරගය අද (07) දිනයේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

එහිදී කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වුණා.

වෙනස්කම් 03ක් සමඟ අද පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 තුළ කඩුළු 09ක් දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 203ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුනු ලබා ගත්තේ චරිත් අසංලකයි. ඔහු ලකුණු 47ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු නායක කේෂව් මහරාජ් විසින් ලකුණු 38කට 03ක් ලබා ගත්තා. ලින්ඩේ, ෂම්සි අතර කඩුළු 02ක බැගින් බෙදී ගියා.

මෙවර තෙවන තරගය සඳහා සකසා තිබූ තණතිල්ල තුළ දඟ පන්දු යවන්නන්ට ඉතාමත් වාසි සහගත තත්ත්වයක් තිබූ ආකාරය දැකගන්න හැකි වුණා.

ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ඉලක්කය ලෙස ලකුණු 204ක් ජයග්‍රහණය වෙත ලබා ගත යුතුව තිබෙනවා.

Rate this item
(4 votes)