May 09, 2024

කාසිය වාසිය ශ්‍රී ලංකාවට - කණ්ඩායම්වල වෙනස්කම් මෙන්න

September 07, 2021

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක අවසන් තරගයේ කාසිය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් ලෙස මහීෂ් තීක්ෂණ එක්දින වරම් දිනා ගත්තා. 

සිය 150 වෙනි එක්දින තරගය ක්‍රීඩා කරමින් දිනේෂ් චන්දිමාල් අද කණ්ඩායමට එකතු වුණා.

කමිදු මෙන්ඩිස් ද මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වෙනවා.

මිනෝද, භානුක සහ අකිල කණ්ඩායමෙන් ඉවත් වී තිබෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම දෙවැනි තරගයට වැදුණු කණ්ඩායම අවසන් තරගය සඳහා තෝරාගෙන තිබෙනවා.

අද (07) තරගය පවත්වන ක්‍රීඩා පිටිය වේග පන්දු යවන්නන්ට අපහසුදායක වනු ඇති බවයි වාර්තා වුණේ.

Rate this item
(0 votes)