May 04, 2024

අවසන් තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 2ක් සඳහා නම් 4ක් යෝජනා වෙයි

September 07, 2021

පසුගිය 04 වැනිදා නිමාවට පත්වූ සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවැනි එක්දින තරගයේ ජය දකුණු අප්‍රිකාව හිමිකර ගැනීමත් සමඟ අද (07) තරගය තීරණාත්මක තරගයක් බවට පත්ව තිබෙනවා.

එයට හේතුව වී ඇත්තේ කණ්ඩායම් තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ 1ක් තරගය බැගින් ජයගෙන සිටීමයි.

දෙවැනි එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම සහ පිතිකරණය කැපී පෙනුණු අතර අද තරගය සඳහා හොඳ පෙර සුදානමකින් ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වීමට නියමිත බව වාර්තා වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් එක්දින තරගය සඳහා වෙනස්කම් 02ක් සමඟ එක්වනු ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව පසුගිය තරග දෙකේ අසාර්ථක වූ භානුක රාජපක්ෂ සහ මිනෝද් භානුක යන දෙදෙනාගෙන් එක් අයෙකු වෙනුවට හිටපු ක්‍රිකට් නායක මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් හට අවස්ථාව හිමිවනු ඇති බවයි සඳහන් වන්නේ.

එමෙන්ම දඟ පන්දු යවන්නන් වන ප්‍රවීන් ජයවික්‍රම හට හෝ අකිල ධනංජය යන දෙදෙනාගෙන් එක් අයෙකු සඳහා අද තරගය අහිමි වනු ඇති බවට වාර්තා වන අතර ඒ වෙනුවට බිනුර ප්‍රනාන්දු, රමේෂ් මෙන්ඩිස් හෝ මහේෂ් තීක්ෂණ යන තිදෙනාගෙන් එක් අයෙකු සඳහා අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 September 2021 11:21