May 04, 2024

දුර්වල පන්දු රැකීමක් හමුවේ ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්

September 04, 2021

වර්ෂාවෙන් දිගින් දිගටම බාධා එල්ල වුණු ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තීරණාත්මක 02 වෙනි එක්දින තරගයේ කාසිය වාසිය දිනා ගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

තරගය ආරම්භ වුනේ ප්‍රමාද වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා වුණා.

ආරම්භයේ පටන් හොඳ සම්බන්ධතා ගොඩ නඟා ගත් දකුණු අප්‍රිකානු පිතිකරුවන් පන්දුවාර 47 අවසානයේ කඩුළු 06ක් පමණක් දැවී ලකුණු 283ක් රැස් කරගත්තා.

ආරම්භයේ දී තරමක් මන්දගාමීව දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් පන්දුවරට පහර දුන්නත් පසුව ඔවුන් ප්‍රවේගකාරී පිතිකරණයක් දියත් කළා.

පන්දුවට පහර දීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් ප්‍රබල පිතිකරණය නිරත වූ ජැනමන් මාලන් ලකුණු 121 රැස් කරගැනීමට සමත් වන්නේ 04 පහර 09ක් සහ එක් 96 පහරක් සමඟින්. එය ඔහුගේ එක්දින දිවියේ 03 වෙනි ශතකය වෙනවා.

ඔහුට අනගි සහායක් ලබාදුන් රීසා හෙන්ඩ්රික් ලකුණු 51ක් ද, හෙන්රිච් කාල්සන් වේගවත් ලකුණු 43ක් ද රැස් කරගත්තා.

පසුගිය තරගයේ මෙන් නොව මෙම තරගයේ දී ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රැකීම කැපී පෙනුනා.  

දකුණු අප්‍රිකානු ක්‍රීඩකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු රැකීම හමුවේ 04 පහර 21ක් උදුරා ගැනීමටත් සමත් වුණා.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සාර්ථක වූ පන්දු යවන්නන් ලෙස චාමික කරුණාරත්න කඩුළු 02ක් ද, දුෂ්මන්ත චමීර කඩුළු 02ක්ද, ධනංජය ද සිල්වා සහ වනිඳු හසරංග අතර 1ක් කඩුල්ල බැගින් ද බෙදී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා පන්දුවාර 47ක් තුළ ලකුණු 284ක් ලබාගත යුතුයි.

Rate this item
(0 votes)