May 07, 2024

කාසිය වාසිය දකුණු අප්‍රිකාවට - කණ්ඩායම් දෙකේ වෙනස්කම් මෙන්න

September 04, 2021

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන තීරණාත්මක දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනාගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනස්කම් දෙකක් සහිතව දෙවන තරගයට සහභාගී වන අතර අද තරග වදින කණ්ඩායම සඳහා ටෙම්බා බවුමා වෙනුවට රීසා හෙන්ඩ්රිකස්ද, ඇන්රිච් නෝර්ට්ජේ වෙනුවට ජෝර්ජ් ලින්ඩේ ද, කයිල් වෙරීන් වෙනුවට වියන් මෝල්ඩර් ද  කණ්ඩායම වෙත කැඳවා තිබෙනවා.

දකුණු අප්‍රිකානු කණ්ඩායම අද තරගයට පිවිසෙන්නේ තවත් දඟ පන්දු යවන්නෙකු සමඟයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදුව නැහැ. 

වරෂාව හේතුවෙන් නියමිත වෙලාවට තරගය පටන් ගන්න බැරි වීම නිසා එක් ඉනිමක් පන්දුවාර 47ක් සඳහා සීමා වී තිබෙනවා.

මෙම තරඟය ජය ගැනීම කණ්ඩායම් දෙකටම තීරණාත්මක වෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 04 September 2021 16:00