May 09, 2024

හැමදාම පිටියට පැන්න “Jarvo 69” ට මෙවර වැඩ වරදී (VIDEO)

September 04, 2021

එංගලන්තයේ පැවැත්වෙන සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර ටෙස්ට් තරඟාවලියේ දී ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වූ සිදුවීමක් වුණා.

ඩැනියල් ජාවිස් නැතිනම් මේ වෙද්දී ලෝක ප්‍රසිද්ධියට පත්ව සිටින “ජාර්වෝ 69 (Jarvo 69)” නම් පුද්ගලයෙකු මෙතෙක් පැවැති ඉන්දියානු - එංගලන්ත ටෙස්ට් තරඟවලට බාධා වෙන අයුරින් පිටියට පැමිණියා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටින ජර්වෝ 69 එක් අවස්ථාවක පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසෙන්නේ කිසිවෙකුටත් නොදැනීමයි. තවත් අවස්ථාවක ඔහු පිටියේ පන්දු රකින්නෙකු ලෙසත් පැමිණ තිබුණා.

මෙවර ඔහු ඉන්දීය කණ්ඩායමේ පන්දු යවන්නෙකු ලෙස ඉන්දීය - එංගලන්ත 04 වෙනි ටෙස්ට් තරගයට බාධා වන අයුරින් පිටිය වෙත පිවිසියා.

පසුගිය සෑම අවස්ථාවකම ඔහුට එරෙහිව දැඩි පියවර ගැනීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් කටයුතු නොකළත් මෙවර ජාර්වෝට එරෙහිව ඔවුන් නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

04 වෙනි ටෙස්ට් තරගයේ 34 වෙනි පන්දුවාරය ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක උමේෂ් යාදව් විසින් ක්‍රියාත්මක කරමින් සිටි අතර එක්වරම පිටියට පිවිසෙන ජාර්වෝ ඔහුව පසු කරවිත් පන්දු යවන්නාගේ අන්තයේ සිටි එංගලන්ත ක්‍රීඩක ඔලී පොප්ගේ ඇඟේ ගැටෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ක්‍රීඩකයෙකුට පහර දීම යන චෝදනාව යටතේ ජාර්වෝ දකුණු ලන්ඩන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජාර්වෝ පිටියට කඩා වදින අවස්ථාවේ වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)