April 20, 2024

පළමු අවසන් පූර්ව තරගයට සියල්ල සූදානම්! තරගයට පෙර ඔබ දැනගත යුතුම කරුණු!

November 10, 2021

විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු අවසාන පූර්ව තරගය අද පස්වරුවේ අබුඩාබි නගරයේදී ආරම්භ වීමට නියමිතයි.

ඒ එංගලන්තය හා නවසීලන්තය අතර.

තරගය බැගින් පරාජය වීම

ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 7:30 ට මෙම තරගය ආරම්භ වීමට නියමිතයි.

කණ්ඩායම් දෙකම සුපිරි 12 තරග වටයේ දී එක් තරගය බැගින් පරාජයට පත් වුණා.

එංගලන්තය , දකුණු අප්‍රිකාව හමුවේත් නවසීලන්තය , පකිස්තානය හමුවේත් එසේ පරාජය වුණා.

අද (10) තරඟයට සහභාගී වන නවසීලන්ත කණ්ඩායම ගැටළු කිසිවක් නොමැතිව මෙම තරඟයට සහභාගී වීමට නියමිතයි.

එංගලන්තයට ප්‍රශ්න කිහිපයක්

එහෙත් එංගලන්ත කණ්ඩායම ප්‍රශ්න කිහිපයකට මුහුණ දී සිටිනවා.

ඒ ඔවුන්ගේ ප්‍රවේගවත් මෙන්ම අති දක්ෂ ආරම්භක පිතිකරුවෙකු වූ ජේසන් රෝයිගේ ආබාධ තත්ත්වය නිසා.

සුපිරි 12 වටයේ අවසාන තරගය ලෙස එංගලන්තය සහභාගි වූ දකුණු අප්‍රිකාවට එරෙහි තරඟයේදී ලකුණක් ලබා ගැනීමට දුව යද්දි ඔහුගේ පාදයේ ආබාධයක් ඇති වුණා.

ආබාධිත වේග පන්දු යවන්නා

එමෙන්ම ඉතා වේගෙන් පන්දු යවන කයිල් මිල්ස් ද මීට පෙර ආබාධයකට ලක් වුණා.

ඔහුගේ ආබාධය කණ්ඩායමට ඒ තරම් නොදැනෙන්නේ ඔහුටත් වඩා වේගයෙන් පන්දු යවන ක්‍රිස් වුඩ් සිටින නිසා.

මේ වන විට ඔවුන් දෙදෙනාම එංගලන්ත ලෝක කුසලාන සංචිතයෙන් ඉවත්ව සිටින අතර ඒ වෙනුවට ආදේශ ක්‍රීඩකයින් දෙදෙනෙකු එංගලන්ත කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා.

අද (10) පැවැත්වෙන තරඟයට මුහුණ දීම සඳහා ඉතා හොඳ කණ්ඩායමක් සිටින බවයි එංගලන්ත නායක ඔයින් මෝගන් සදහන් කරන්නේ.

පන්දු යවන බළ ඇණිය

ඔහුගේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ පන්දු යවන බලඇණිය වෙත යි.

ආබාධයට ලක් වූ රෝයි වෙනුවට තවත් පන්දු යවන්නෙකු කණ්ඩායමට ඇතුලත් කිරීම ගැන ඔහුගේ අවධානය යොමුව තිබෙනවා.

මේ වන විටත් නව ආරම්භක පිතිකරු යුවළ ලෙස ජොස් බට්ලර් සහ ජොනි බෙයස්ටෝ තෝරාගෙන අවසන්.

එංගලන්ත නායකයාගේ අදහස වන්නේ දැනට සිටින පන්දු යවන්නන් 6 දෙනාට තවත් එක් පන්දු යවන්නෙක් එකතු වුවහොත් තමාට පන්දු ඕවර 20 යැවීම සඳහා පන්දු ඕවර 28ක් යැවීමට පන්දු යැවීමට සිටින බවයි.

ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙක්

මේ අනුව අද (10) තරඟයට පිතිකරුවෙකු වූ සැම් බිලින්ස් හෝ වමතින් මද වේග පන්දු යවන ඩේවිඩ් විලි යන අයගෙන් එක් ක්‍රීඩකයෙක් තරගයට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා අතරට එක් වීමට නියමිතයි.

2019 ලෝක කුසලාන අවසාන මහා තරගයේදීද එංගලන්තය හා නවසීලන්තය තරග වැදුණු අතර උණුසුම් තරගයකින් පසු එංගලන්තය අවසාන පන්දුවේදී ජයගත්තා.

එසේ ජය ගත්තේ ශ්‍රී ලාංකික විනිසුරුවෙකු වූ කුමාර ධර්මසේන විසින් අත් වැරදීමකින් ලබා දුන් තීන්දුවක් නිසා.

මෙවර පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ විනිසුරු ලයිස්තුවේ කුමාර ධර්මසේන ද සිටිනවා.

අද (10) පැවැත්වෙන මෙම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම හෙට (11) පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි අවසාන පූර්ව තරගයෙන් ජය ගන්නා කණ්ඩායමත් සමඟ අවසාන මහා තරගයට සහභාගි වීමට සුදුසුකම් ලැබීමට නියමිතයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 10 November 2021 17:25