May 04, 2024

ද. අප්‍රිකානු කණ්ඩායමේ හදිසි වෙනසක‍් - ප්‍රබලයින් දෙදෙනෙකු ලංකාවට පැමිණෙයි

September 03, 2021

ඊයේ (02) දිනයේ පැවැති සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු එක්දින තරගයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායම පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටියදී අවාසනාවන්ත සිදුවීමක් සිදුවුණා.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ටෙම්බා බවුමාගේ අතක පන්දු රකිමින් සිටි වනිඳු හසරංග එවූ පන්දුව වැදීම හේතුවෙන් මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වුණේ.

බවුමා පසුව තරගයෙන් ඉවත් වූ අතර ඔහුව හදිසි වෛද්‍ය පරික්ෂණයක් සඳහා යොමු කර තිබුණා. 

අද (04) දිනයේ වාර්තා වුණේ බවුමාට ඉදිරි එක්දින තරග 02ක සහ විස්සයි විස්ස තරඟාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි.

බවුමාට සිදුවූ මෙම සිදුවීමත් සමඟ කණ්ඩායමේ නායකයා ලෙස කේෂව් මහරාජ් නම් කර තිබෙනවා. ඔහු ඉතිරි තරඟ සඳහා කණ්ඩායම මෙහෙයවීමට නියමිතයි.

මේ අතර ශ්‍රී ලංකාව සමඟ තරඟාවලියට සහභාගී වීම සඳහා දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් දෙපළක් වන ක්ව්න්ටමී ඩී.කොක් සහ ඩේවිඩ් මිලර් මෙරටට පැමිණ තිබෙනවා. 

විස්තර විචාරකයින් පැවසූවේ ලකුණු අතර සිටින ඩී.කොක් විස්සයි විස්ස තරඟාවලියට සහභාගී වීම සඳහා පැමිණි බවයි.

කෙසේ වෙතත් බවුමාගේ ඉවත් වීමත් සමඟ හිස් වෙන පිතිකරණ ස්ථානය සඳහා මෙම ක්‍රීඩකයින් දෙදෙනාගේ එක් අයෙකු ක්‍රීඩා කිරීමට ඉඩකඩක් ඇති බවද වාර්තා වෙනවා.

Rate this item
(1 Vote)