මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය යටතේ පළමු කාණ්ඩයේ කණ්ඩායම් දෙකක් අතර තරගයක් අද (26) පස්වරුවේ නිමාවට පත් වුණා.
ඒ බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකානුවන් අතර තරගය යි.
තරගය ආරම්භ වීමට පෙර බටහිර ඉන්දීය කොදෙව්වන් එය ජය ගනු ඇති බවට වැඩි දෙනාගේ මතය වුවත් එය වෙනස් කරන්නට දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සමත් වුණා.
කොදෙව් ඉනිම
තරගයේ කාසියේ වාසිය දිනාගත්තේ දකුණු අප්‍රිකානු නායකයා විසින්.
ඔහු තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමට යි.
ඒ අනුව පිටියට පිවිසි කොදෙව් පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසානයේ ලබාගත් ලකුණු ගණන 143ක්.
ඒ කඩුළු 08ක් දැවී යමින්.
කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ එවින් ලෙවිස් ලකුණු 56 යි.
කේරන් පොලාඩ් හට ලබා ගැනීමට හැකි වූයේ ලකුණූ 26ක් පමණ යි.
විස්සයි විස්ස පිටියේ ප්‍රබල පිතිකරුවෙකු ලෙස සැලකෙන ක්‍රිස් ගේල් ලකුණු 12කට දැවී ගියා.
පිළිතුරු ඉනිම
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ආරම්භක පිතිකරුවන් යුගලයෙන් ටෙම්බා බවුමා ලකුණූ 02කට දැවී ගියත් අනෙකුත් ක්‍රීඩකයන් සිය වගකීම මනාව හඳුණාගෙන ක්‍රීඩා කළා.
රීසා හෙන්ඩ්‍රික්ස් දැවී ගියේ ලකුණු 39කට යි.
එලෙස කඩුලු දෙකක් දැවී යාමෙන් අනතුරුව පිටිය වර්ණවත් කළ රසී වැන් ඩර් ඩසන් නොදැවී ලකුණු 43කුත් ඒඩන් මාක්රම් නොදැවී ලකුණු 51කුත් ලබා සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත ගෙන ගියා.
දකුණූ අප්‍රිකාව කඩුළු 02ක් පමණක් දැවී ලකුණු 144ක ජයග්‍රාහී ඉලක්කය පසු කළේ 19 වැනි පන්දුවාරයේ දී යි.
ඒ අනුව තරගය කඩුළු 08කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ලකුණු පුවරුව වෙනස් වූ හැටි
දකුණු අප්‍රිකාව මෙලෙස වාර්තා කළේ මෙවර ලෝක කුසලාන පන්දුවාර විස්ස තරගාවලිය තුළ ලැබූ ප්‍රථම ජයග්‍රහණය යි.
ඔවුන් මෙතෙක් තරග දෙකක් ක්‍රීඩා කර ඇති අතර පසුගිය 23 වැනි දා ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තරගය පරාජයට පත් වුණා.
මේ අතර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තමන් මෙම තරගාවලියේ දී ක්‍රීඩා කළ තරග දෙකම මේවන විට පරාජයට පත් වී තිබෙනවා.
පසුගිය 23 වැනි දා එංගලන්තය හමුවේ ඔවුන් අන්ත අසරණ වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොදෙව් ක්‍රීඩකයන් සියළු දෙනාම ලකුණු 55කට දැවී යාම කැපී පෙනුනා.
මෙම තත්ත්වය අනුව කොදෙව් කණ්ඩායම මේවන විට පළමු කාණ්ඩයේ ලකුණු පුවරුව මත සිටින්නේ අවසාන (06) ස්ථානයේ යි.
ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයේ පසුවනවා.
පළමු ස්ථානයේ සිටින්නේ එංගලන්තය යි.