May 01, 2024

දකුණු අප්‍රිකාවට පරාජය උරුම කළ රිවස් ස්වීප් පහර

September 03, 2021

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවති පළමු එක්දින තරඟයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14 ක ජයක් හිමි වුණා.

එම තරගයේ ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 300 ඉලක්කය ඉතා සාර්ථක ලෙස හඹා ගිය දකුණු අප්‍රිකානු ඉනිමක් කඩා වැටීමේ සිද්ධිය වූයේ රසී වැන් ඩර්සේන්ගේ දැවී යාමයි.

පරාජයේ පාර කැපූ පහර

ඒ රිවස් ස්වීප් (reverse sweep) පහරක් එල්ල කරන්න ගොස් ඔහු දැවී ගිය අවස්ථාවයි.

ඒ වන විට දකුණු අප්‍රිකාව කඩුලු 3ක් දැවී ලකුණු 260 ක් රැස්කර ගෙන සිටින අතර ඔහු දැවී ගියේ 45 වැනි ඕවරයේ 5 වෙනි පන්දුවේ පන්දුව කඩුල්ලේ වැදීමෙන්.

එම පන්දු වාරය යැව්වෙ අකිල ධනංජය.

ඒ වන විට දකුණු අප්‍රිකාවට ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට ඉතිරිව තිබුනේ පන්දු 25 ක් තුළ ලකුණු 41ක් පමණයි.

ඒ කියන්නේ ඕවරයකට ලකුණු 10යි අවශ්‍ය වන්නේ.

එය එතරම් පහසු ඉලක්කයක් නොවන බවයි ඒ අවස්ථාවේ විස්තර විචාරකයින් සඳහන් කළේ.

කිහිප විටක් සාර්ථක වීම

ඒ වන විට වැන් ඩර්සේන් පන්දු 59 කට මුහුණ දී ලකුණු 59ක් ලබාගෙන සාර්ථක පිති හරඹයකයි නිරතව සිටියේ.

රිවස් ස්වීප් පහරක් එල්ල කරන්න ගොස් ඔහුගේ දැවීයාම සම්බන්ධයෙන් විස්තර විචාරකයින් ඔහුට දොස් කිව්වේ නැහැ.

ඔවුන් කිව්වේ ඔහුගේ ඉනිම තුළ බොහෝ විටක් සාර්ථක වූ එම පහර එම අවස්ථාවේ අසාර්ථක වූ බවයි.

එහෙත් වැන් ඩර්සේන් දැවී යාමෙන් පසු දකුණු අප්‍රිකානු ඉනිම කඩාවැටීමට පත්වුණා.

අවසානයේ අත් වූයේ ලකුණු 14ක පරාජයක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 03 September 2021 14:10