May 05, 2024

ශ්‍රී ලංකාවට පළමු තරගයේ ජය හිමිවෙයි

September 02, 2021

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සමඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟයේ ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කාසිය වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 300ක් රැස් කරගැනීමට සමත් වුණා.

ඒ අනුව ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ රැස්කර ගැනීමට හැකි වුණේ කඩුළු 6ක් දැවී ලකුණු 286ක් පමණයි. 

දකුණු අප්‍රිකානු කණ්ඩයාම වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කර ගත් ක්‍රීඩකයා වූයේ ඒඩන් මාර්ක්‍රම් වන අතර ඔහු විසින් 06 පහර 4ක් සහ 04 පහර 05ක් සමඟින් ලකුණු 96ක් රැස් කරා.

ඔහුට අනගි සහායක් ලබාදුන් රසී වෑන් ඩර් ඩසන් ලකුණු 59ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය විසින් කඩුළු 02ක් දවා ගත් අතර චාමික කරුණාරත්න, වනිඳු හසරංග සහ ප්‍රවීන් ජයවික්‍රම යන ක්‍රීඩකයන් 1ක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඒ අනුව ලකුණු 14ක ජයක් ශ්‍රී ලංකා කණ්ඩායම හිමි වුණු අතර තරගයේ වීරයා ලෙස අවිශ්ක ප්‍රනාන්දු තේරී පත් වුණා.

Rate this item
(0 votes)