May 19, 2024

ශ්‍රී ලංකා ඉනිම අවසන් - දකුණු අප්‍රිකාවට ප්‍රබල අභියෝගයක්

September 02, 2021

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ආරම්භ වූ තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟයේ කාසිය වාසිය දිනා මුලින්ම පන්දුවරට පහර දුන් ශ්‍රී ලංකා ඉනිම අවසන් වූයේ පන්දුවාර 50 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 300ක් ලෙසයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 118ක් ලබාගත් අවිශ්ක ප්‍රනාන්දු වන අතර එම ශතකයට 04 පහර 10ක් සහ 06 පහර 2ක් ඇතුළත් වුණා. 

ඊට අනගි සහායක් ලබාදුන් චරිත අසංලක සිය එක්දින දිවියේ හොඳම ඉනිම වාර්තා කරමින් ලකුණු 72ක් රැස් කරගැනීමට සමත් වූ අතර ඊට 04 පහර 6ක් සහ 6 පහරක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේදී රබඩා සහ මහරාජ් කඩුළු 2 බැගින් බිඳ හෙලුවා.  ජයග්‍රහනය සඳහා දකුණු අප්‍රිකාවට ලකුණු 301ක් ලබාගත යුතුයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 02 September 2021 18:58