May 04, 2024

දකුණු අප්‍රිකා - ශ්‍රී ලංකා පළමු එක්දින ක්‍රිකට් ගැටුම අද

September 02, 2021

ඉන්දියාවට එරෙහිව ලද විස්සයි-20 තරගාවලි ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම තුළ තරග ජයග්‍රහණය කිරීම කෙරෙහි දැඩි විශ්වාසයක් ගොඩ නැගී තිබෙනවා.

එම ජයග්‍රාහී මානසිකත්වයත් සමඟ අද (02) ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව ප.ව. 2.30 ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී තරඟ 03කින් සමන්විත එක්දින තරඟාවලියේ පළමු තරඟය සඳහා මුහුණ දෙනු ඇති.

අද තරගයට ක්‍රීඩා කිරීමට අපේක්ෂිත ශ්‍රී ලංකා කණ්ඩායම ලෙස ඉඟි පළවී ඇත්තේ අවිෂ්ක ප්‍රනාන්දු, මිනෝද් භානුක, භානුක රාජපක්ෂ, ධනංජය ද සිල්වා,චරිත් අසලංක, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, අකිල ධනංජය, දුෂ්මන්ත චමීර,  ප්‍රවීන් ජයවික්‍රම හෝ මහේෂ් තීක්ෂණ.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල නිත්‍ය කඩුළු රකින්නා වූ කුසල් පෙරේරාට මෙවර තරඟාවලිය අහිමි වීම නිසා කඩුළු රකින්නාගේ කාර්ය භාරය මිනෝද් භානුකට හෝ දිනේෂ් චන්දිමාල්ට යන දෙදෙනාගෙන් එක් අයෙකුට හිමිවනු ඇති බවයි සඳහන් වන්නේ.

දසුන් ඊයේ (01) පැවැති මාධ්‍ය හමුවකදී පවසා සිටියේ “ඇත්තටම ලකුණු අතරට පැමිණීම අතින් ගත්තොත් මිනෝද් භානුක පළාත් තරගාවලියේ අන්තිම තරගයේදී ලකුණු අතරට ආවා. චන්දි අයියත් දිගටම ලකුණු අතර හිටියා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් හෙට තරගයට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා” ලෙසිනි.

Rate this item
(0 votes)