May 03, 2024

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ඩේල්ගේ අවසන් කතාව

September 01, 2021

ලෝකයේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ එදිරිවාදීම පන්දු යවන්නා ලෙස ජනප්‍රියට පත් දකුණු අප්‍රිකාව බිහි කළ විශිෂ්ඨම වේග පන්දු යවන්නෙකු වූ ඩේල් ස්ටේන් ඊයේ (31) දිනයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන්නා.

2004 දෙසැම්බර් 17 වෙනිදා පෝර්ට් එලිසබෙත් හිදී එංගලන්තයට එරෙහිව පැවති ටෙස්ට් තරගයකදී ස්ටේන් සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ආරම්භ කළ අතර 2020 පෙබරවාරී මාසයේ ඕස්ට්‍රේලියාව සමඟ පැවැති  T20 තරඟාවලිය ඩේල් ස්ටේන් සිය රට නියෝජනය කළ අවසන් තරගයයි.

ටෙස්ට් කඩුළු 439ක්, එක්දින කඩුළු 196ක්, T20 කඩුළු 64ක් ඩේල් විසින් බිඳ දමා තිබෙන්නේ ජාත්‍යන්තර කඩුළු 699ක් ලබාගනිමින්. එමෙන්ම ඔහු දින 2343ක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නා ලෙසද වාර්තා පොත් අතර සිය නම සටහන් කර තබා ගැනීමට සමත්ව සිටියා.

සිය ක්‍රිකට් ජීවිතය තිත්ත රසැති වූවත් එය විශිෂ්ඨ බව සිය ක්‍රිකට් ජීවිතයට සමුදෙමින් ස්ටේන් පවසා ට්විටර් සටහනක් තබමින් පවසා තිබුණා. එමෙන්ම සිය ක්‍රිකට් ජීවිතය කණ්ඩායම සමඟ එක්ව ආ සුන්දර ගමනක් බවද ඩේල් සිය සටහනේ සඳහන් කර තිබුණා.

ඩේල් ස්ටේන් සිය ක්‍රිකට් ජීවිතයට සමුදෙමින් තැබූ අවසන් සටහන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 01 September 2021 01:30