May 14, 2024

ධනංජය ලක්ෂාන් එළියට - අවසන් සංචිතය නම් කරයි

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරඟාවලිය සඳහා 22 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් නම් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කටයුතු කර තිබෙනවා.

මෙතෙක් කපා හැර සිටි ජ්‍යේෂ්ඨයෙකු හටද මෙවර අවස්ථාවක් ලබාදී තිබෙනවා. ඒ අනුව දිනේෂ් චන්දිමාල්ට මෙවර සංචිතයේ ස්ථානයක් හිමිවෙලා.

කෙසේ වෙතත් බොහෝ දෙනෙකු බලාපොරොත්තුවෙන් සිටි ක්‍රීඩකයෙකු වන ධනංජය ලක්ෂාන්ව මෙවර 22 දෙනාගේ සංචිතය සඳහා හෝ තෝරාගෙන නැහැ.

නවක ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට මෙවර ජාතික සංචිතය සඳහා සහභාගී වීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

දැනට නම් කර ඇති 22 දෙනාගෙන් යුතු සංචිතය පහතින්,

  1. දසුන් ශානක (නායක)
  2. ධනංජය ද සිල්වා (උප නායක)
  3. කුසල් ජනිත් පෙරේරා 
  4. දිනේෂ් චන්දිමාල් 
  5. අවිශ්ක ප්‍රනාන්දු 
  6. භානුක රාජපක්ෂ 
  7. පැතුම් නිශ්ශංක 
  8. චරිත් අසලංක
  9. වනිඳු හසරංග
  10. කමිදු මෙන්ඩිස්
  11. මිනෝද් භානුක
  12. රමේෂ් මෙන්ඩිස්
  13. චාමික කරුණාරත්න
  14. බිනුර ප්‍රනාන්දු
  15. දුෂ්මන්ත චමීර
  16. අකිල ධනංජය 
  17. ප්‍රවීන් ජයවික්‍රම
  18. ලහිරු කුමාර
  19. ලහිරු මධුෂංක
  20. පුලින තරංග
  21. මහීෂ් තීක්ෂණ
  22. නුවන් ප්‍රදීප්
Rate this item
(4 votes)
Last modified on Monday, 30 August 2021 16:06